(දයාරත්න ඇඹෝගම)
භාවිතයෙන් ඉවත්කළ ඖෂධ ඒකක 294,813 කට අධික ප්‍රමාණයක් තොග විනාශ කරන තෙක් වසර 04 කට අධික කාලයක් තිස්සේ උතුරු මැද පළාත්සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ඖෂධ සැපයුම් අංශයේ ඖෂධ ගබඩාවේ සහ පොළොන්නරැව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ ගබඩාවල භාවිතයට ගතහැකි සාමන්‍ය ඖෂධ තොග සමග අනාරක්ෂිතව ගබඩා තිබු බව විගණකාධිපතිවරයා විසින් 2021 වසරේ සිය අවසන් විගණන වාර්තාවෙන් ආනාවරණය කොට තිබුණි.
භාවිතයෙන් ඉවත්කළ එම ඖෂධ වල නම්.නිෂ්පාදිත දිනය.එම ඖෂධ ගබඩාවට ලැබුණ දිනය,කල් ඉකුත් වු දිනය සහ ප්‍රමාණය යනාදි තොරතුරැ දෙපාර්තමේන්තුව සතුව නොතිබු බවද විගණන වාර්තාවේ සදහන්ය.
එසේම කල් ඉකුත්වු ඖෂධ වර්ග 75 ක් සහ ශල්‍ය උපකරණ 83 ක් 2018 වර්ෂයේ සිට ඒකි ගබඩාවේද 2017 වර්ෂයේ සිට කල් ඉකුත්ව තිබුන ආයිතම 124 කට අදාළ ඖෂධ ඒකක 294,813 ක් පොළොන්නරැව සෙෘඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ගබඩාවලද පැවති බවද විගණන වාර්තාවේ සදහන්ය.
ඇස්තමේන්තු නොකළ හා ඉල්ලා නොතිබුණු නමුත් 2020/2021 වර්ෂවල ලැබි තිබුණ ඖෂධ වලින් කල් ඉකුත් වි ඇති ඔසු වර්ග 1684 ක් අනුරාධපුර ප්‍රාදේශීය ඖෂධ ගබඩාවේ සාමාන්‍ය ඹෘෂධ සමග ගබඩාකර තිබු බවද විගණකාධිපතිවරයා විසින් උතුරැ මැද පළාත් ආන්ඩුකාරවරයාට යොමු කරන ලද විගණණ වාර්තාවෙන් අනාවරණය කොට තිබුණි.
භාවිතයෙන් ඉවත් කළ ඖෂධ වර්ග සාමන්‍ය ඹෘෂධ තොග සමග එකම ගබඩාවේ ගබඩා නොකළ යුතු බව විගණකාධිපතිවරයා විසින් පෙන්වා දි තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බාල ඖෂධ ගෙන්වපු අයටයි ඔවුන්ගේ පවුලේ අයට සහ ගෙන්වන්න උදව් කරපු අයයි, ඔවුන්ගේ පවුලේ අයටයි ශාප වේවා !! හෙණ පහළ වේවා...! මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන්.... දෙවියන්ගේ ශාපය අත්වේවා! රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන්, ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !! දැන් රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වහල් බලු මැක්කෝ, බයියෝටික ඇවිස්සෙයි.
සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අභ්‍යන්තර විගණන අංශයක් නැතිද? නැතිනම් ඒකත් ඖෂධ මාෆියාවේ කොටසක්ද?
පුදුම ආත්මාර්ථකාමීන්ගෙන් පිරුනු රටක් ලංකාව. නිවාඩුවකට පමණක් ගොස් වැඩිකල් නෙඉද වේගයෙන්ම පිටවියයුතු රටක්. මෙවන් රකට හැදෙන ලමයිට කුමන ගතිගුන පිහිටයිද..?