(මුදිතා දයානන්ද)
ජනතා විමුක්ති පෙරමුණේ ඉල්මහ විරු සමරුව පක්ෂයේ නායක අනුර දිසානායක සහ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ විහාරමහා දේවි එළිමහන් රංග පිඨයේදී අද සවස පැවැත් වූහ.
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවිර ඇතුලු 88-89 සමයේ රජයේ මර්දනය හමුවේ ජිවිත අහිමි වු එම පක්ෂයේ සියලු සගයන් සිහිපත් කිරිම සඳහා මෙම සමරුව සංවිධානය කර තිබිණි.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක, ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, ප්‍රචාරක ලේකම් විජිත හේරත්, දේශපාලන මණ්ඩල සභිකයන් වන කේ. ඩී. ලාල්කාන්ත, සුනිල් හඳුන්නෙත්ති, බිමල් රත්නායක, මධ්‍යම කමිටු සාමාජිකයින් වන සමාජවාදී කාන්තා සංගමයේ ජාතික සංවිධායිකා සමන්මලී ගුණසිංහ, සමාජවාදි තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර, සමාජවාදි ශීෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන දේවප්‍රිය, ජිනදාස කිතුලේගොඩ, ජාතික ජනබලවේගයේ ප්‍රධාන ලේකම් විශේෂඳ වෛද්‍ය නිහාල් අබේසිංහ හා රංගන ශිල්පිනි දිපානි සිල්වා මහත්ම මහත්මිහු ඉල්විරුන් සිහි කරමින් ඉදිකරන ලද ස්මාරකයට මල් කළඹ තබා පහන් දල්වූහ.
ඉල් විරුවන් සිහිපත් කිරිමෙන් අනතුරුව අනුර දිසානායක සහ ටිල්වින් සිල්වා මහත්වරුන් විසින් සමරු දේශන පැවැත්වූහ. සමරු දේශනවලින් පසුව සංස්කෘතික ප්‍රසංගයක්ද පැවැත්විණ. වැස්සෙන් ඇති වූ බාධා නොතකමින් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(ඡායාරූප ළහිරු හර්ෂණ)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ඉල්මහේ විරුවෝ සමරති
සිල්වා Sunday, 13 November 2022 08:38 PM
ඉල්මහෙ විරුවන් යයි සැලකෙන්නේ මරණයට පත්වූ ජවිපෙ සහොදරයින් පමණක්ද?
ත්‍රස්ත මාෂල් Sunday, 13 November 2022 09:18 PM
ඒ එක්කම දූෂණ වංචා ලිපිගොනු හදා නළලේ තියාගෙන හිටපු කාලයත් සැමරුවනම් හොදයි නේද ?
රනේ Sunday, 13 November 2022 10:34 PM
සදා සමරමු සියළුම දෙනා...
"මවිබිම නැත්නමි මරණය අපි දිනන්නෙමු." Sunday, 13 November 2022 10:46 PM
" අනුර දිසානායක, ටිල්වින් සිල්වා, විජිත හේරත්, සභිකයන් වන කේ. ඩී. ලාල්කාන්ත, සුනිල් හඳුන්නෙත්ති, බිමල් රත්නායක, කාන්තා සංවිධායිකා සමන්මලී ගුණසිංහ, සංවිධායක එරංග ගුණසේකර, රංගන දේවප්‍රිය, ජිනදාස කිතුලේගොඩ, ඉල්විරුන් සිහි කරමින් ඉදිකරන ලද ස්මාරකයට මල් කළඹ තබා පහන් දල්වූහ." තරැණ උවිදු විජේවීරාගමනය අබියස සට සට, සට සට ස්වරයේ රිද්මයට අත් පා වෙවිලනා 55 වියේ කල් ඉකුත් වූ වංචා කාර පටිට පාදඩ දේශපාලන කාලකන්ණි කුලකයේ, මරණ මංචකයේ දිගහැරැම මෙන්න බලන්.
Ranapurage Monday, 14 November 2022 01:43 PM
ඔබලා සමරන්නේ විජේවීර ඇතුළු සුලු පිරිසක් පමණයි.. ඒ කාලයේ නුඹලා මරාදැමූ සාමාන්‍ය ජනතාව කොපමණ සිටියද කියලා නුඹලාවත් දන්නේ නැහැ. මම අහපු එකක් පමණක් කියන්නම්. සාමාන්‍යයෙන් දඩයමේ යන කෙනෙකුවත් ආහාර ගනිද්දී සතා මරන්නේ නැහැ.. නමුත් නුඹලාගේ අය ඒවත් කළා. කොලොන්න මැතිවරණ ප්‍රදේශයේ හිටියා සරනේලිස් කියලා ග්‍රාම නිලධාරි කෙනෙක්... මිනිහා රාත්‍රියේ ආහාර ගනිමින් සිටියදී වෙඩිතබා මැරුවේ කවුද කියලා ඔබලා දන්නවා ඇති නේද? ඒ ගැන මොකද කියන්නේ?
Bamunuarachchi Monday, 14 November 2022 05:01 PM
මටත් මතක් වෙනවා.. 1971 අප්‍රේල් 5 වෙනිදා වරකාපොල පොලිසිය ඉදිරිපිට පොලිස් නිලධාරින් මරා දමා තිබුණු හැටි. ඒ කාට වරදක් කළාටද? 2020 දීත් ආරේ ගති නෑරේ කියමන සනාථ කර පෙන්නුවා. ඒ මිනී මරුවන්වද ඉල්මහේ විරුවන් කියා සමරන්නේ..? බලය නැතුව ඔහොම නම් බලය ලැබුණොත් කොහොම හිටීද?
Bamunuarachchi Tuesday, 15 November 2022 07:35 AM
1965 සිට ඔහෙලා මරණය දිනුවා 55 පැන්න මිනිස්සු 1948 සිට මව්බිම දිනුවා.