








(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ඉලන්තඩිය වෙරළ තීරයේ ඇති සුළං බාධකයක් ලෙස පවතින කස වනාන්තරය මුහුදු ඛාදනයට ලක්වී විනාශ වෙමින් ඇති බව පරිසරවේදීහු චෝදනා කරති. මේ වන විට කස වනාන්තරයේ දැවැන්ත ගස් සිය ගණනක් මුහුදට ගසා ගොස් තිබේ.
වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව 2006 වසරේ නැවත වන වගාකිරීමේ ව්‍යපෘතියක් යටතේ කිලෝමීටර් තුනකට වැඩිදුරකට හා මීටර් 200 පළලට මෙම කස වනාන්තරය ස්ථාපිත කර තිබුණි. මෙම කස වනාන්තරය ආරම්භ කිරීමට මුල් වී තිබුනේ යළි සුනාමි ව්‍යසනයක් මතු වුවහොත් මෙම කස වනාන්තරය ඊට බාධකයක්ව, සිදුකරන හානිය අවම වීම සලකමිනි.
එසේම වයඹ මුහුදු තීරයට වාරකන් කාලවලදි හමා එන දැඩි සුළං ප්‍රවාහය ගම්මාන වෙත කඩා වැදීමට ද මෙම කස වනාන්තරය බාධකයක් ලෙස සැකසු බව එකල මෙම වනාන්තරය ආරම්භ කිරීමට කැපවු පිරිස පවසති.
මේ පිළිබඳව අදහස් දැක්වු දළුව ක්‍රිස්ටි අප්පුහාමි මහතා මෙසේ පැවසීය.
“වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව මේ කස වනාන්තරය ආරම්භ කළේ 2006 වසරේ. මම කස පැළ රැගෙන ඒමටත් දායකත්වයත් දැක්වුවා. හැබැයි එදා සිතුණේ නැහැ මේ වනාන්තරය මේ තරම් විශාල වනාන්තරයක් වෙයි කියලා. වනාන්තරය ආරම්භ කරන්න මුල් වුනේ 2004 සුනාමි ව්‍යසනයෙදී කස වනාන්තර තිබූ ස්ථානයේ සිදුව තිබු හානිය අඩුවීමයි. මේ කස වනාන්තරය වැදගත් වුනේ වාරකන් සමයන් වලදි මුහුදේ සිට හමා එන සුළං ගොඩබිමට එම වළක්වාලන්නයි. එහෙම තිබුණු මේ වනාන්තරය අද මුහුදට බිලිවෙලා”
පුත්තලම දිසා වන කාර්යාලයේ අඩවි වන නිලධාරි ඩබ්ලියු. එම්. සී. කේ.වාසල මහතා මෙසේ කීය.
“ මේ කස වනාන්තරය මුහුදු ඛාදනවීම වැළැක්වීමට ගල් වැටි දැමීම අවශයි. ඒ පිළිබදව අපි වෙරළ සංරක්ෂණ දෙපාර්තුමේන්තුවට දන්වා තිබෙනවා. නමුත් ප්‍රතිපාදන ගැටළුවක් නිසා ගල් වැටි දැමීම ප්‍රමාද වුණා”
වෙරළ සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ පුත්තලම දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ මදුනි ප්‍රනාන්දු මහත්මිය කළ විමසීමේදි පවසා සිටියේ මෙවැන්නකි.
“ අපි වසර ගණනාවකට කලින් මේ තීරයේ ගල් වැටි දැමීමට සුදානම් වුවිට ධීවරයින් එයට විරෝධය පෑවා. එනිසා තමයි මේ කස වනාන්තරය අද දරුණු මුහුදු ඛාදනයට ලක්වී තිබෙන්නේ. නමුත් ඉදිරියේදි පවතින තත්වය අනුව ඉදිරි කටයුතු කරන්න අපි සුදානම්” යැයි ඇය පැවසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ, කස වනාන්තරයට වෙලා තියෙන දෙයක්... ආපහු කස ගස් හිටවලා, ගල් වැටි අතුරන්න තියෙන්නේ.. ගල් වැටි අතුරනවාට ධීවරයන් විරුද්ධ වෙන්නේ ඇයි? හොඳ වැඩක්නේ කරන්න යෝජනා කරලා තියෙන්නේ... කස වනාන්තරය මුහුදට බිලිවුනු එක ගැන, පින්තූරයේ අන්තිමට ඉන්න පොඩ්ඩන් දෙන්නාට නම් ගානක්වත් නැහැ වගේ.. එයාලා එයාලගේ ළමා ලෝකේ...
ගල් වැටි දැමීමට ධීවරයින් විරුද්ධ වන්නේ ඔවුන්ට වෙරළේ පහසු තැනකින් මුහුදට යාම සහ ඒම අපහසු වන බැවිනුයි. වෙරල සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ගල් වැටි දැමීමට නොහැකි වුයේ මුදල් හිඟ කමින්. මෙවැනි දේ දුප්පත් රටවල සිදුවිය හැකි දේවල්ය. එබැවින්, මෙවැනි දේට විරෝධය පෑම හෝ චෝදනා කිරීම අර්ථයක් නැති දෙයකි.
ඔක්සිජන් එපා කියපු අයට මොන කසාගස්ද?
ලංකාවේ ඉන්න හොඳම පරිසරවේදියෝ තමයි පාරම්පරික ධීවරයන් සහ පාරම්පරික ගොවීන්.. මේ දෙගොල්ලොම දන්නවා පරිසරයේ වෙනස්කම් එක්ක තමන්ගේ කර්මාන්තය කරගෙන යන්න. ඒ දැනුම කවදාවත් අදාළ අමාත්‍යාංශ හෝ ඒවායේ ඉන්න උගත් නිලධාරින් ප්‍රයෝජනයට ගත්තද කියලා සැකයි. කොහොම වුණත් ධීවරයන්ගේ විරෝධයට හේතු මොනවද කියලා හරියට අධ්‍යයනයක් කරලා බලලා, ඒ හේතුවල පදනමක් නැතිනම් වහාම ගල්වැටි අතුරන්න පටන්ගත යුතුයි. කවුරු කිව්වත් පදනමක් නැතිනම් ඒ කතා කරාට ගන්න එක නෙමෙයි නිලධාරීන්ගේ වගකීම. හැබැයි ඉතින් ධීවරයන්ගේ පිටිපස්සේ ‘ඡන්දය‘ නැතිකර ගන්න අකමැති මන්ත්‍රීලා ඇමැතිලා ඉන්නවා නම් ඉතින් නිලධාරින් පව් වෙනවා. කොහොම වුණත් මේ ගැන පාරදෘශ්‍ය කතාවක් අවශ්‍යයි.
අපිට මොටද කසා වනන්තර...? අපිට තියෙනවනේ වරාය නගරය, අල වගේද ගෝවානේ..?