(විමුක්ති එස් රුද්‍රිගු)
ට්විටර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි තනතුර බාර ගැනීමට කැමති අනුවණ පුද්ගලයකු හමුවූ විගස තමන් ට්විටර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි තනතුරෙන් ඉල්ලා අස්වන බව ට්විටර් සමාගමේ හිමිකරු ඉලෝන් මස්ක් පවසා ඇත.
තමන් ට්විටර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි තනතුරෙන් ඉල්ලා අස් විය යුතු දැයි මත විමසුමක් පසුගිය දා ට්විටර් සමාජ මාධ්‍ය ජාලය තුළ පැවති අතර එහිදී සියයට 57 ක් මිලියන 10 ක පරිශීලකයන් ප්‍රමාණයක් ඉලෝන් මසක් ට්විටර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි තනතුරෙන් ඉල්ලා අස් විය යුතු බවට ඡන්දය ලබා දී තිබුණි.
තවමත් ට්විටර් සමාජ මාධ්‍ය ජාලය තුළ බොට් මෘදුකාංග මගින් ක්‍රියාත්මක වන බොට්ස් ගිණුම් තවමත් තිබෙන බවට මෙම මත විමසුමෙන් පෙනී ගොස් තිබෙන බව ඉලෝන් මස්ක් ප්‍රකාශ කර ඇත.
මෙම මත විමසුමට සමගාමිව හැරිස්එක්ස් සමීක්ෂණ සහ උපදේශන සේවා සමාගමද ඉලෝන් මසක් ට්විටර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි තනතුරෙන් ඉල්ලා අස් විය යුතු දැයි මත විමසුමක් පවත්වා ඇති අතර එහිදී සියයට 61 ඉලෝන් මසක් එම ධුරයේ රැඳී සිටිය යුතු යැයි පවසා තිබේ.
ට්විටර් සමාජ මාධ්‍ය ජාලය තුළ අනාගතයේ පවත්වන මත විමසුම් සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම මුදල් ගෙවූ පරිශීලකයන්ට පමණක් සීමා වනු ඇතැයි මසක් පෙන්වා දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd