
(වන්නි රොමේෂ් මධුෂංඛ)
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහයයෝගය දෙනවාද නැද්ද යන්න සහ පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව තීරණ ගැනීම සඳහා ඉලංගෙයි තමිල්අරුසු කච්චි පක්ෂ නියෝජිතයින් සියලු දෙනාගේ සහභාගීත්වයෙන් මධ්‍යමකාරක සභාව අද (29) වව්නියාවේදී රැස්විය.
උතුරු නැගෙනහිර ඉලංගෙයිතමිල් අරුසුකච්චි පක්ෂ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මධ්‍යම කාරක සභා රැස්වීම පැවත්විය.
මෙවර පැවති පාර්ලිමේන්තු මැතිවරණය හා ඇති වූ ගැටලුකාරී තත්වයන් පිළිබඳවද ඉදිරියේදී රජය විසින් ගෙනඒමට සූදානම් යැයි පැවසෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳවත් පක්ෂයක් වශයෙන් ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ගයන් පිළිබඳව මූලිකව සාකච්ඡා කිරීමට අද පැවත්වෙන මධ්‍යමකාරක සභාවේ ප්‍රධාන අරමුණ බවට අභ්‍යන්තර ආරංචිමාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි සහයෝගය නොදුන්නොත් ආණ්ඩුවට කරගන්න බැරිවෙයිද? නිකන් කියවන්නේ නැතිව තමන්ගෙන් ගිලිහීයන ජනමතය හදාගන්න එක ඊට වඩා නරකද? දැන්වත් ඔය ඊළම ඇතහැරලා උතුරේ ඉන්න ද්‍රවිඩ ජනතාවගේ හැබැ ප්‍රශ්න දිහා බැලුවොත් හොඳයි.