
(විමුක්ති එස් රුද්රිගූ)
ඇමෙරිකාව ඉරානයේ කර්ග් දූපත ආක්රමණය කිරීමේ සූදානමක් ඇතැයි ඉරාන බුද්ධි තොරතුරු වාර්තා වීමත් එහි ආරක්ෂාව දැඩි කළ බව ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය කියයි.
කර්ග් දූපත වටා බිම් බෝම්බ ඇටවීමටත්, අමතර හමුදා කණ්ඩ එම දූපතට යැවීමටත්, ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය ක්රියාකර ඇත.
එසේම එම දූපතේ අමතර මිසයිල විදිනයන්ද ස්ථානගත කර තිබේ.
මේ පිළිබඳ අදහස් දක්වමින් ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බගේරි ගලිබාෆ් ප්රකාශ කර සිටියේ ඉරානයේ සතුරන් මැද පෙරදිග කලාපයේ තවත් රටක් සමග එකතු වී කර්ග් දූපත අල්ලා ගැනීමට සූදානම් වන බවට බුද්ධි තොරතුරු වාර්තා වී ඇති බවයි.
ඇමෙරිකාව හා ඊශ්රායලය කර්ග් දූපත අල්ලා ගැනීමට උත්සාහ කළහොත් ඊට සහාය දක්වන මැද පෙරදිග කලාපයේ රටෙහි තිබෙන වැදගත් යටිතල පහසුකම්වලට ඉරාන හමුදාව පහර දෙනු ඇතැයිද ඔහු ප්රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd