

(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ඒකාබද්ධව ඉරානයට එල්ල කළ ප්‍රහාරයේ සිට මේ දක්වා ඇමෙරිකානු හමුදාව ඉරාන නෞකා 30 කට වැඩි ප්‍රමාණයක් මුහුදුබත් කර ඇතැයි ඇමෙරිකානු හමුදාව පසුගියදා ප්‍රකාශ කළේය.
ඉරාන ඩ්‍රෝන රැගෙන යන නෞකාවකට ඇමෙරිකානු හමුදාව ප්‍රහාර එල්ල කළ බවත් ප්‍රමාණයෙන් එම නෞකාව දෙවන ලෝක යුද්ධයේ ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් තරම් වන බවත් අද්මිරාල් බ්‍රැඩ් කූපර් පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී පැවැසුවේය. එය ගිනි ගනිමින් පවතින බවත් ඉතාමත් ඉක්මණින් මුහුදුබත් වනු ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
ඒකා බද්ධ ප්‍රහාරය එල්ල කළ දිනට සාපේක්ෂව මේ වනවිට ඉරානයේ මිසයිල ප්‍රහාර සියයට 90 කින් පහළ ගොස් ඇති බවත් ඩ්‍රෝන ප්‍රහාර සියයට 83 කින් පහළ ගොස් ඇති බවත් අද්මිරාල් කූපර පැවැසුවේය.
ඇමෙරිකානු ආරක්ෂක ලේකම් පීටර් හෙග්සෙත් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ ඇමෙරිකා - ඊශ්‍රායල, ඉරාන යුද්ධය ආරම්භ වූවා පමණක් බවයි.
එසේම ඇමෙරික ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියේ ඉරානයට පහර දීම අවසන් කිරීමට කාල රාමුවක් නොමැති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd