ඉරානයේ තෙහෙරාන් අගනුවර සිය නිවසේ සිටි හමාස් නායක ඉස්මායිල් හානියේ මරා දැමීමට ඊශ්‍රායලය සමත් විය. ඊශ්‍රායල ආරක්ෂක අංශ මෙම වික්‍රමය සිදු කළේ ඇමෙරිකාවේ ද සහාය ඇතිව යැයි නිල නොවන මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ඉස්මායිල් හානියේ යනු ගාසා තීරයේ හමාස් සංවිධානයේ දේශපාලන අංශ නායකයාය. හමාස් සංවිධානය දේශපාලන අංශයකින් සහ සන්නද්ධ අංශයකින් සමන්විතය. ගාසා තීරයේ සටන් විරාමයක් පැවැත්වීම සම්බන්ධයෙන් දිගින් දිගටම ඊශ්‍රායල බලධාරීන් ද සමඟ සාකච්ඡා පැවැත්වීම කළේ ද හානියේය.
හමාස් නායක ඉස්මායිල් හානියේට ඉරානයේත්, ලෙබනනයේත් නිවාස ඇත. ඔහු ඉරානයේ තෙහෙරාන් බලා ගොස් තෙහෙරාන් නිවසේ රැඳී සිටියේ ඉරාන ජනාධිපති ධුරයට පත් වුණු මසූඩ් පෙසෙෂ්කියන්ග් දිවුරුම් දීමේ උළෙලට සහභාගී වීම සඳහාය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඉරානයේ සිටි හමාස් ලොක්කා මරා දැමෙයි
සපත්තු ලෙව්කේ Wednesday, 31 July 2024 10:17 AM
අනුන්ගේ ජීවිත වලට ගරු කරන අයගේ ජීවිත වලට ගරුකරමු.
Perera Wednesday, 31 July 2024 10:23 AM
අපේ කතානයකත් මේ දවස්ව්ලා ඉරානයේ
BBC Wednesday, 31 July 2024 04:37 PM
ඊශ්‍රායලයට හොදයි