(සුජිත් හේවාජුලිගේ )
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකාවේ ආර්ථිකයටද ඉන් බරපතල අවදානම් සහගත තත්වයක් මතුවිය හැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසීය.
ඉන්ධන ගෙන්වීමේදී ශ්‍රී ලංකාව ඉරානය සමඟ සෘජු සබඳතා නොපැවැත්වුවද ශ්‍රී ලංකාව ඉන්ධන මිලදී ගන්නා රටවල ප්‍රධාන ඉන්ධන සැපයුම්කරු වන්නේ ඉරානය බවද ඔහු සඳහන් කළේය.
ඉරානය සිය තෙල් අපනයනයෙන් සියයට අනූවක්ම කරන්නේ චීනයටය. මීට අමතරව ඉරානය ඉන්දියාවට සහ ජපානයටද ඉන්ධන අපනයනය කරන බව පවසන මහාචාර්යවරයා ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් සහ චීනයෙන් ඉන්ධන සැලකිය යුතු ලෙස මිලදී ගන්නා බවද සඳහන් කළේය.
එසේම ශ්‍රී ලංකාව ඉරානයට ඩොලර් මිලියන 80ක පමණ භාණ්ඩ අපනයනය කරන අතර ඉරානයෙන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 10ක භාණ්ඩ ආනයනය කරයි. ඉරානය ශ්‍රී ලංකාවට භාණ්ඩ ආනයනය කරන රටවල් අතර සිටින්නේ 61 වැනි ස්ථානයේය.
ඊශ්‍රායලය ඉරානයට ඊයේ (19) මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. මධ්‍යම ඉරානයේ ඉස්ෆහන් පළාත ඉලක්ක කරගෙන මෙම ප්‍රහාරය එල්ල කෙරිණු මෙම ප්‍රහාරයෙන් ඉරානයේ ආභ්‍යන්තර ගමන්ද තාවකාලිකව අත්හිටුවා ඇත.
එසේම ඇමරිකාව සහ යුරෝපා සංගමය ඉරානයට විවිධ සම්බාධක පනවා ඇතැයිද විදෙස් පුවත් වාර්තා සඳහන් කළේය.
ඊශ්‍රායලය ලිබියාවේ පිහිටි ඉරාන කොන්සල් කාර්යාලයට පසුගියදා ප්‍රහාරයක් එල්ල කළ අතර ඉන් හමුදා ප්‍රධානීන් ඇතුළු දහතුන් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
ඉරානය ඊට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායලයට ඩ්‍රෝනා සහ මිසයිල ප්‍රහාර 300ක් පමණ කළේය. ඊශ්‍රායලය ඉරානයට පෙරේදා ප්‍රහාරය එල්ල කර ඇත්තේ ඊට එකට එක කිරීමක් ලෙස යැයි පැවසේ.
මේ තත්වය යටතේ දෙරට අතර ගැටුම් සහ එදිරිවාදිකම් ඉතිරි දිනවල තවදුරටත් වැඩිවිය හැකි බවට දේශපාලන විශ්ලේෂකයෝ අනුමාන කරති.එසේම මෙම ගැටුම් ලෝක යුද්ධයක් දක්වා වර්ධනයවීමේ අවදානමක්ද පවතින බව ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති.
2025 දෙසැම්බර් මස 18
416
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
236
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1025
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
Ashoka Saturday, 20 April 2024 11:13 AM
ඉරානයෙන් මොනවද බිලියන 10ක බඩු ගෙන්වන්නේ? බලපුවාම ලෝකේ හුඟක් රටවල් වලට බිස්නස් තියෙන්නේ ලංකාවේනේ...
සිල්වා Saturday, 20 April 2024 11:43 AM
වියත් මහාචාර්යතුමනි, බයවෙන්න එපා. වත්මන් ජනාධිපතිවරයාට ජාත්‍යන්තරය ගැන ඉතාම ඉහළ අවබෝධයක් තිබෙනවා...
පාඨකයෙක් Saturday, 20 April 2024 06:22 PM
"ඊශ්‍රායලය ලිබියාවේ පිහිටි ඉරාන කොන්සල් කාර්යාලයට පසුගියදා ප්‍රහාරයක් එල්ල කළ අතර" ප්‍රහාරය එල්ල වූයේ ලිබියාවේ නොව, සිරියාවේ ඩැමස්කස් නගරයේ පිහිටි ඉරාන කොන්සල් කාර්යලායටයි...!
Anura Sunday, 21 April 2024 10:02 AM
අපේ අවශ්‍යතාවය ලිබියාවයි. එහි වරදක් නැහැ.