‘කොවිඩ්-19’ වසංගතය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ඉකුත් මාර්තු මාසයේදී වසා දැමුණු දේවස්ථාන සඳුඳා හෙට (4) සිට විවෘත කිරීමට ඉරානය තීරණය කර ඇත.
කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා ස්ථාපිත කළ කාර්ය සාධක බලකායේ රැස්වීමක් අමතමින් ඉරාන ජනාධිපති හසින් රොව්හානී ඒ බව පැවැසීය.
ඉරානයේ ජනපද 132ක තිබෙන දේවස්ථාන ඒ අනුව සඳුඳා, එනම් හෙට සිට විවෘත කිරීමට නියමිතය.
‘‘එකට එකතු වී යාඥා කරනවාට වඩා සමාජ දුරස්ථභාවය පවත්වාගැනීම වැදගත්’’ යැයි ඉරාන ජනාධිපතිවරයා එම රැස්වීමේදී පැවැසීය. මෙම රැස්වීම රූපවාහිනිය ඔස්සේ සජීවීව විකාශය කෙරුණි.
ඉස්ලාම් දහම ආරක්ෂාව වගකීමක් ලෙස සලකන බව එහිදි පෙන්වාදුන් ඉරාන ජනාධිපතිවරයා දේවස්ථාන විවෘත කළ ද යාඥා කිරීමට පමණ ඒ තුළ කිරීමට පමණක් අවසර දෙන බව ද කීවේය.
කොරෝනා වයිරසයෙන් වැඩිම බලපෑමක් වී ඇති මැදපෙරදිග රට බවට පත්ව ඇත්තේ ඉරානයයි. අද (3) පස්වරු 2 වනවිට ඉරානයෙන් කොරෝනා මරණ 6,156ක් වාර්තා වී තිබිණි. එරටින් වාර්තා වූ ආසාදිතයන්ගේ සමස්ත ගණන 96,448ක් ලෙස දැක්විණි.
වාර්තා වන ආසාදිතයන්ගේ සහ මරණ ගණන අනුව සුදු, කහ සහ රතු වශයෙන් අදාළ කලාප නම් කරන බව ඉරාන ජනාධිපති හසින් රොව්හානී පසුගිය සතියේදී ප්‍රකාශ කළේය.
අල්ජසීරා
ඡායාරූප : ඒ.එෆ්.පී. (055)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ඉරානය දේවස්ථාන විවෘත කරයි
sam Sunday, 03 May 2020 10:05 AM
දේවස්ථාන විවෘත කරලා රෝහල් වසා දැම්මා නම් හරි.
OMG Sunday, 03 May 2020 12:33 PM
ඔන්න නිර්භීත මිනිස්සු ඉන්න රටවල්. ඇමෙරිකාව කිට්ටුවටවත් ආවොත් ගහලයි එළවන්නේ.
de silva Tuesday, 05 May 2020 11:55 AM
දේව දුතයෝ පය ගහන්න බය භුමිවල මෝඩයෝ පිනුම් ගහනවා කියන්නේ මෙවැනි වැඩ වලට...