
ඉරානයේ ජල පිරිපහදු ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීමට ඇමෙරිකා හමුදාව සූදානම් බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ඉරානය තමන් සමඟ කඩිනමින් යුද්ධය අවසන් කිරීමට එකඟත්වයක් ඇති කර නොගන්නේ නම්, තමන් ඉරානයේ ජල පිරිපහදු ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීමට පියවර ගන්නා බව ජනාධිපති ට්‍රම්ප් වැඩි දුරටත් පවසා ඇත.
තෙල් ඇති තරම් තිබුණත්, ඉරානය ඇතුළු මැදපෙරදිග රටවල ඩජලය හිඟය. ඉරානය, සෞදිය, එමිරේට්ස් රාජ්‍යය ඇතුළු ගල්ෆ් කලාපීය අරාබි රටවල් පානීය ජල අවශ්‍යතා සපුරා ගන්නේ සාගර ජලය පිරිපහදු හරහා ලවණ ඉවත් කර පිරිසුදු කර ගැනීමෙනි.
ඇමෙරිකා හමුදාව ඉරානයේ එවැනි ජල පිරිපහදුවලට ප්‍රහාර එල්ල කළහොත්, ඉරාන වැසියන් දහස් ගණනක් දැඩි අසීරුවට ලක්වනු ඇතැයි ද පැවැසෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
Desalination plant යනු සාමාන්‍ය පුරවැසියන්ගේ මූලික අවශ්‍යතාවයක්. එවන් දෙයකට කුමන පාර්ශවයකින් පහර දුන්නත් ඒක අතිශයින්ම උග්‍ර යුධ අපරාධයක්. අවාසනාවකට යුධ අපරාධ ගැන කෑගහන අයට පේන්නෙ ලංකාව වගේ රටවල් වල පොඩි පොඩි සිදුවීම් විතරයි.