IMG-LOGO

2024 මැයි මස 10 වන සිකුරාදා


ඉරාන - ලංකා ගිවිසුම් පහක්

(අංජුල මහික වීරරත්න)

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද  අත්සන් තැබීමට  නියමිතය.

මහවැලි ව්‍යාපාරයෙන් පසුව මෙරට ක්‍රියාත්මක දැවැන්තම වාරි ව්‍යාපෘතියක්  ලෙස ලක් ඉතිහාසයට එක් වෙමින් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය හෙට  (24) පෙරවරුවේ ඉරාන - ශ්‍රී ලංකා ජනාධිපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත  කිරීමට නියමිතය.

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වීම සඳහා ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා හෙට (24) දිවයිනට පැමිණේ .

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ ආරාධනය පරිදි ඉරාන ජනාධිපතිවරයා  මෙලෙස ශ්‍රී ලංකාවේ එක් දින නිල සංචාරයකට එක් වන අතර 2008 වසරේ අප්‍රේල් මාසයේ දී එවකට ඉරාන ජනාධිපති මොහොමඩ් අහමදිනෙජාඩ් මහතාගේ සංචාරයෙන් පසුව  ඉරාන ජනාධිපතිවරයෙකු මෙරට සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙය වීම  විශේෂත්වයකි.



අදහස් (1)

ඉරාන - ලංකා ගිවිසුම් පහක්

fairoos Tuesday, 23 April 2024 07:03 PM

කලු කොඩි දාන්න කවුරුවත් නැතිද?

:       1       1

ඔබේ අදහස් එවන්න

දියත

සභාපතිකම ඉල්ලා මෛත්‍රි උසවි යයි
2024 මැයි මස 10 5 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් කොළඹ දිසා අධිකරණය නිකුත් කළ අතුරු නියෝගය නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා අභියාචන පෙත්සමක් හි


වලස්මුල්ල රෝහලට අකුණු සැරෙන් හානි
2024 මැයි මස 10 213 0

වලස්මුල්ල මූලික රෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකයට අකුණු සැර වැදීමෙන් එම ඒකකයට දැඩි හානි සිදුව ඇති බව වලස්මුල්ල පොලීසිය පවසයි.


බෙහෙත් බඩු කඩෙන් කප්පම් ගත් පොලිසියේ තුනක් මාට්ටු
2024 මැයි මස 10 326 1

මෝදක ගුලි අලෙවි කළේ යැයි කියන සිංහල බෙහෙත් බඩු වෙළඳසල් හිමියා අත් අඩංගුවට නොගෙන මුදා හැරීමට රුපියල් ලක්ෂ එක හමාරක් ගත් බව කියන පොලිස් නිලධාරීන් තිදෙන


ඩයනාගේ පෙත්සමට දින දෙයි
2024 මැයි මස 10 1186 0

පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමට සමගි ජන බලවේගය ගත් තීරණය බලරහිත කිරීමේ තීන්දුවක් ඉල්ලා හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය ඉදිරිපත් කර තිබූ පෙත්සම මේ


බස් - ත්‍රිරෝද අනතුරින් අයෙක් මරුට:හතරක් රෝහලට
2024 මැයි මස 10 685 0

බදුල්ල - මහියංගණ - මාර්ගයේ පුවක්ගොඩමුල්ල ප්‍රදේශයේ දී - ශ්‍රී ලංගම බස්‍ රථයක් හා ත්‍රීරෝද රථයක මුහුණට මුහුණ ගැටීමෙන් ත්‍රීරෝද රථයේ ගමන් ගත් පුද්ගලයකු ම


සිවිල් බටයන්ට පඩිය ආපහු?
2024 මැයි මස 10 572 2

යුද්ධයේදී මියගිය හා පූර්ණ ආබාධිත තත්වයට පත් වූ සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයන්ට වයස 55 සම්පූර්ණවීමෙන් පසු අහිමි වූ වැටුප නැවත ලබාදීමට ආරක්ෂක රාජ්‍ය අමාත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 585 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2072 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1814 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site