
ඉරානයේ ප්‍රකට රැප් ගායකයකු වන ටූමාජ් සලේහිට නියම කළ මරණීය දණ්ඩනය අභියාචන විභාගය අවසන් වන තෙක් අත්හිටුවීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළ බව සලේහිගේ නීතිඥ අමීර් රයිසියාන් ප්‍රකාශ කළේය.
ටූමාජ් සලේහිගේ දඬුවමට එරෙහිව ගොනුකළ අභියාචන පෙත්සම ඉරාන ශ්‍රේෂ්ඨාධිකරණය විභාගයට ගැනීමට තීරණය කළ බවත් ඒ අනුව සලේහිගේ නඩුව නැවත වරක් ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාග වනු ඇති බවත් රයිසියාන් පැවැසුවේය.
ඉරානයේ 2022 වසරේ පැවැති විරෝධතාවලට සහාය දක්වමින් ප්‍රකාශ නිකුත් කිරීමේ වරදට එම වසරේදී ටූමාජ් සලේහිව ඉරාන බලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබුවේය.
එම වරදට 2023 වසරේ ජූලි මාසයේදී සලේහිට වසර හයකුත් මාස තුනක සිර දඬුවමක් ඉරාන අධිකරණය නියම කළේය.
මෙම වසරේ ජනවාරි මාසයේදී මෙම වරද ද ඇතුලත්ව තවත් චෝදනා කීපයක් යටතේ ඉරානයේ ඉහළ අධිකරණයක නැවතත් සලේහිට නඩු පැවරීමට බලධාරීන් කටයුතු කළ අතර එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් සලෙහිට මෙලෙස මරණීය දණ්ඩය නියම කළේය.
2025 දෙසැම්බර් මස 18
527
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉරාන රැප් ගායක ටුමාජ්ගේ මරණ දඬුවම කල් යයි