IMG-LOGO

2024 මැයි මස 05 වන ඉරිදා


ඉරාන ජනපතිට ආරක්ෂාව දෙන්න මාර්ග කිහිපයක් වසා දමයි

(ගයාන් සූරියආරච්චි)

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා සහ එම ආර්යාව ඇතුළු රාජ්‍ය දූත මණ්ඩලය කටුනායක සිට කොළඹ දක්වා ගමන් කෙරන පස්වරු 2.00 ත් 3.00 ත් අතර කාලයත් මෙරටින් පිටත්වන රාත්‍රී 9.30 න් පසුව කාලය තුළත් මාර්ග කීපයක් වසා තැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවැසීය.

ඒ අනුව කටුනායක ගුවන්තොටුපොළ සිට කොළඹ දක්වා වූ අධිවේගී මාර්ගය, ඔරුගොඩවත්ත, දෙමටගොඩ, බොරැල්ල, ඩී.එස්. සේනානායක මාවත, විදුලි සංඥා මංසන්ධිය, හෝටන් පෙදෙස, ග්‍රීන්පාත්, ආනන්ද කුමාරස්වාමි මාවත, ලිබර්ටි වටරවුම, සෙන් ඇන්තනීස් පාර, ගාලු පාර, ගාලු මුවදොර, ලෝටස් පාර පස්වරු 2.00 ත් - 3.00 ත් අතර කාලයේ වසා තැබෙන බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

කොළඹ අධිවේගී මාර්ගයේ ප්‍රභූවරයා ගමන් කරන අවස්ථාවේදී දෙපසටම වාහන ගමන් කිරීමට අවසර නොදෙන බවද තල්දූව මහතා කීය.

එමෙන්ම ඉරාන ජනාධිපතිවරයා ගමන් රාත්‍රී 9.30 න් පසුව  කොටුව සිට කොල්ලුපිටිය දක්වා ගාලු පාරද, ධර්මපාල මාවත, ග්‍රීන්පාත්, හෝටන් පෙදෙස හරහා බේස්ලයින් මාර්ගය ද, බොරැල්ල, දෙමටගොඩ, ඔරුගොඩවත්ත දෙස සිට අධිවේගී මාර්ගය දක්වාත් පෑලියගොඩ සිට කටුනායක දක්වා අධිවේගී මාර්ගයත් ප්‍රභූවරයා ගමන් කරන කාලසීමාව තුළ වසා තබන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය.



අදහස් (1)

ඉරාන ජනපතිට ආරක්ෂාව දෙන්න මාර්ග කිහිපයක් වසා දමයි

සඳුන් Wednesday, 24 April 2024 02:34 PM

ලංකාවේ ඉන්න ලොන්තරස්ලා එළිබහින්නත් පාවිච්චි කරන්නේ හෙලිකොප්ටර්...!

:       1       9

ඔබේ අදහස් එවන්න

දියත

පාසල් පෙම කුරිරු වී සිසුවා රෝහලේ
2024 මැයි මස 05 240 0

වේයන්ගොඩ ප්‍රදේශයේ මහා විද්‍යාලයක දහවැනි ශ්‍රේණියේ සිසුවකු එම පාසලේම නවවැනි ශ්‍රේණියේ සිසුවකුට එල්ල කළ පිහි පහරකින් තුවාල ලැබූ සිසුවා වතුපිටිවල මූ


ක්‍රිකට් ක්‍රීඩක ගාස්තු ඉහළ නංවයි
2024 මැයි මස 05 771 1

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ගෙවීම් සියයට 100 කින් ඉහළ නැංවීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය තීරණ කර තිබේ.


වීසා
2024 මැයි මස 05 6 0

වීසා නිකුත් කිරීමට අදාලව ජී.බී.එස් ටෙක්නොලොජි සර්විස්, අයි.වී.එස් ග්ලෝබල් සහ වී.එෆ්.එස් වර්ල්ඩ්වයිඩ් හෝල්ඩින්ග්ස් සමාගම් සමග රජය අත්සන් කළ ගිවිසුම ඉදි


සාගතය මුළු ගාසාවටම පැතිරෙන ලකුණු
2024 මැයි මස 05 385 0

උතුරු ගාසා තීරයේ ඇති සාගතය මේ වන විට කෙමෙන් කෙමෙන් ගාසා තීරය පුරාවට පැතිරෙමින් තිබෙන බවත් ලෝක ආහාර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂක සින්ඩි මැකේන් මහත්මිය ප්


ලක්ෂ අටකට වාලම්පුරි විකුණන්න බැරිවෙයි
2024 මැයි මස 05 170 0

රුපියල් ලක්ෂ අටක මුදලකට වාලම්පුරි දෙකක් අලෙවි කිරීම සදහා පුත්තලම පාලවිය ප්‍රදේශයට පැමිණි සැකකරුවෙකු පුත්තලම කොඨඨාශ අපරාධ විමර්ශන අංශයේ නිළධාරීන් අ


‘කරඳගොල්ල නායයෑමට උමා ඔය සම්බන්ධ නෑ‘
2024 මැයි මස 05 739 2

ඇල්ල - කරඳගොල්ල ප්‍රදේශයෙන් වාර්තා වූ නායයෑම උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් වූවක් නොවන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ හා භූ පර්යේෂණ දෙපාර්තමේන්තුව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 492 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1940 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1707 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site