IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට

(අංජුල මහික වීරරත්න)

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26)  ඉරානය බලා පිටත්ව ගියේය.

ඉරානයේ ‌ටෙහෙරාන් නුවර පැවැත්වෙන EXPO ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කෘෂිකර්ම අමාත්‍යවරයා  සහභාගී වන අතර ඉරාන කෘෂිකර්ම අමාත්‍ය Mohammad Ali Nikbakht  මහතා  හමුවී සාකච්ඡා කිරීමට ද නියමිතව තිබේ.

ඉරානයේ පැවැත්වෙන EXPO ප්‍රදර්ශනයට සහභාගී නොවීමට කලින්  තීරණය කර තිබුණත් ඉරාන ජනාධිපතිවරයා මෙරටදී  තමාගෙන් කළ ඉල්ලීමකට අනුව අදාල ප්‍රදර්ශනයට සහභාගී වීමට තීරණය කළ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

ඉරානයේ දී එරට කෘෂිකර්ම අමාත්‍ය Mohammad Ali Nikbakht   මහතා හමුවී කරන සාකච්ඡාවේ දී නව කෘෂි තාක්ෂණික හුවමාරුව සම්බන්ධව සාකච්ඡා කිරීමට අදහස් කරන බව ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීය.



අදහස් (7)

ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට

සමන් Friday, 26 April 2024 04:03 PM

මොකද අප්පච්චියේ නොයන්ඩ කලින් තීරණය කරලා තිබුනේ, ඉරාන ඇමැති තුමා එන්න කියයි කියල හීනෙන්වත් පෙනුනද. එතකොට හොද නිදහසට කාරණයක් තියෙන වනෙ රටට කියන්න. මොකද නැතිනම් ඔයාල රට සවාරි අප්පිරිය වෙන අයයැ. කමක් නැහැ හොදට විනෝද වෙලා එන්න. අපි වියදම් බලා ගන්නවනෙ.

:       15       14

රාලහාමි Friday, 26 April 2024 04:45 PM

සමන්, මේ මෝඩයාට එහෙ ගිහිල්ලා.. හොඳට විනෝද වෙලා එන්න.. කියලා ලණුදෙන්න එපා...

:       6       11

ගමේ එකාලා Friday, 26 April 2024 07:10 PM

පුදුම හදිසියක්නේ. එන්න කියපු ගමන්ම ගියා. රට ගැන හිතලා වැඩ කරන්න වෙන්ඩැති ...

:       4       6

Lalla Saturday, 27 April 2024 09:27 AM

ඉරාන කෙල්ලො ලස්සනයි කියල කියන්න ඇති....

:       1       2

amareSaturday, 27 April 2024 04:28 PM

ඒවාට ගියොත් ඉවරයි තමයි.

:       1       0

චන්දිම ෆෝන්සේකා Saturday, 27 April 2024 10:54 AM

ඒ රටවල් වල කෘෂිකර්මය භාර ඇමති වරයා කිව්වොත් අදාළ විෂය ගැන A - Z දන්නා මිනිස්සු. අපේ මේ අයියලා ගිහින් නිකම් ඔහේ ඔලුව වන වන යෙර්ස් යේස් කියා කියා ඉඳීවි. ඔක්කොම ඇදගෙන යන්න ඉතින් නිලධාරීන්ට බාර දීලා මොනවා හරි ගිවිසුම් වලට අත්සන් කරන කොට අතට අත දීලා පින්තුර ගහලා මෙහෙ මාධ්‍ය වලට එවාවි.

:       1       0

fairoos Saturday, 27 April 2024 11:06 AM

අපෝ තියන හදිස්සිය .එතකොට ඇමරිකාව තරහා වෙන්නේ නැද්ද ?

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 238 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1030 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site