(නිමන්ති රණසිංහ)
බහුදින ධීවර යාත්‍රාවකින් හෙරොයින් මත්කුඩු ප්‍රවාහනය කරමින් සිටි ඉරාන ජාතිකයන් 9 දෙනා ලබන 29 වැනි දා තෙක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය තුළ රඳවා ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (25) නියෝග කළාය.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් ඉරාන ජාතිකයන් 9 දෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මහේස්ත්‍රාත්වරිය මෙම නියෝග ලබාදුන්නාය.
හෙරොයින් මත්කුඩු කිලෝ 100 කට අධික ප්‍රමාණයක් සමඟ මෙම ඉරාන ජාතිකයන් 9 දෙනා දකුණු මුහුදු තීරයේ දී ඊයේ (24) අත්අඩංගුවට ගැණිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමයේ ආගමට අනුව මත්ද්‍රව්‍ය තමන්ට පාවිච්චි කරන්න තහනම් නමුත් අන්‍යාගමිකයන්ට විකුනන්න තහනම් නැහැ.