(අමදෝරැ අමරජිව)
නැගෙනහිර පලාතේ ඉරිදා හා පෝය දිනවල උපකාරක පංති පැවැත්විම තහනම් කරමින් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
දහම් අධ්‍යාපනයට යෙදවිමට තරම් කාලයක් නොලැබෙන ආකාරයට පෞද්ගලික උපකාරක පංති රැල්ලක් නිර්මාණය වි තිබිම හේතු කරගෙන මෙම තීරණය ගත් බව පලාත් අධ්‍යාපන ලේකම් නිතිඥ එච්.ඊ.එම්.ඩබ්.ජී.දිසානායක මහතාගේ අත්සනින් නිකුත් කර ඇති චක්‍ර ලේඛයේ දැක්වේ.
මේ අනුව ඉරිදා දිනවල පස්වරැ 02.00 දක්වා හා පෝය දිනවල සම්පුර්ණ දිනයේත් උපකාරක පංති පැවැත්විම මෙලෙස තහනම් කර තිබේ.
මේ සම්බන්ධයෙන් සොයා බැලිමට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට බලය පවරා ඇති අතර ඒ සදහා පොලිසියේ හා අදාල පලාත් පාලන ආයතනයේ සහය ලබා ගන්නා ලෙස එම චක්‍ර ලේඛයෙන් උපදෙස් ලබාදි තිබේ.
මෙම උපදෙස් නැගෙනහිර පලාතේ ත්‍රිකුණාමලය ,ත්‍රිකුණාමලය උතුර ,කන්තලේ ,අම්පාර ,මහඔය හා දෙහිඅත්තකණ්ඩිය යන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට නිකුත් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටියුෂන් නවත්වන්න අවංක උවමනාවක් ඇත නම් මේ කුණුවුණු අධ්‍යාපන ක්‍රමය වෙනස්කරන්න . වසර දෙකක් උගත් දෑ පය 3 කදී කටපාඩමින් වමාරමින් පිළිතුරු දිය යුතු යල් පැනගිය විභාග ක්‍රමය වෙනස් කරන්න. ඒ ඒ ඒකකය අවසානයේදී අදාල දැනුම පාසල් තුල මැන අදාල විෂයට 50% එතුලින්ද ඉතිරි 50% අවසන් විභාගයේදී ද ලබගත හැකි ක්‍රමයක් සකසන්න . නැතිව මේවගේ බලහත්කාරයෙන් ටියුෂන් නැවතිය නොහැකිය . 1999දී චන්ද්‍රිකා මහා ලොකු සද්දයක් දමා ගෙනා අධ්‍යාපන ප්‍රතිසංස්කරනයේදී ද කිවේ ඉන්පස්ය් ටියුෂන් අවශ්‍ය නොවන බවය . එනිසා මෙත් තව එවැනිම විහිළුවක් විතරයි . බෙල්ලේ ටයි පොල්ලක් හිරකර ගත්තම නිලධාරීන්ගේ මොලේ කොලොප්පන් වෙනවනේ. එකයි මේ විහිලු සපයන්නේ
පිස්සු වැඩකට නැති වැඩ චක්‍රලේඛ සහ කාලය හා පත්‍රිකා නාස්ති කිරීම පමණි
මුළු රටටම පොදු නීතියක් හැටියට මේ ගැසට් එක ගේන්න.
රටේ රජයක් නැති නිසා ඒ ඒ පලාත්වල බලධාරීන් හෝ මෙවැනි නිවැරදි තීරණවලට එළැඹීම අගය කල යුතුයි
ලොකුවට කලබල විය යුතු නැහැ. ඉගෙන ගන්න උගන්වන ක්‍රමය හඳුන්වා දෙන්න. උත්සාහවන්තයො ජයගනී.
ඉතා හොඳ තීරණයක් .මේ වගේ තීරණයක් හරියටම බලපවත්වන විදියට ගන්න තිබුනා කොන්ද පනතියන ජනපතියෙක් හරි ඇමතියෙක් හරි හිටියානම් .මේක ඉතාම ඉක්මනින් නියාමනය කලයුතු ව්‍යාපාරයක්
දුප්පත් ප්‍රදේශයක දුප්පත් දරුවන්ට දුප්පත්කමින් මිදෙන්න තියෙන එකම මාර්ගය අධ්‍යාපනය. මේක දුප්පත් දරුවන් දුප්පත්කමේම හිරකර තබන්න කරපු අමන වැඩක්...!