(තිළිණි ද සිල්වා)
ඉරාකයේ රැකියා අවස්ථා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ රඳාවාන ප‍්‍රදේශයේ පුද්ගලයකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි එම කාර්යාංශය සඳහන් කර සිටී.
මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ අංක 428/10, විලමුලවත්ත, රඳාවාන ලිපිනයේ පදිංචි පයාගලගේ රෝෂිනී ජෝයි ප‍්‍රසිඩස් ප‍්‍රනාන්දු නැමැත්තියකි.
ඉරාකයේ ඇමෙරිකා කඳවුරුවල ඉහළ වැටුප් සහිත ආරක්ෂක නිළධාරි රැකියා අවස්ථා ලබා දෙනවා යැයි පවසමින් මෙම සැකකරු විසින් පුද්ගලයින් 8 දෙනෙකුගෙන් රුපියල් 50,000.00 බැගින් අත්තිකාරම් මුදලක් ලබා ගෙන තිබේ.
සැකකරු පැවසූ පරිදි රැකියාව ලබානොදීම හේතුවෙන් එලෙස අත්තිකාරම් මුදල් ලබාදුන් පුද්ගලයකු විසින් සැකකරුට එරෙහිව කාර්යාංශයට කළ පැමිණිල්ලක් අනුව කාර්යාංශයේ විමර්ශන නිළධාරීන් විසින් මෙම වැටලීම මෙහෙයවා තිබේ.
මෙම සැකකාරිය ගම්පහ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර ඔක්තෝබර් 26 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරනු ලැබූ අතර බන්ධනාගාර ගත කිරීමෙන් පසුව ඇප අයදුම් පතක් ඉදිරිපත් කිරීමෙන් ලක්ෂ 5 ක ශරීර ඇප මත නිදහස් කරනු ලැබ ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ඉරාකයේ රැකියා සිහින මවා මුදල් වංචා කළ සැකකරු දැලේ