
ඉන්දියාව සමඟ ගැටුමක් ඇති වීම වැළැක්වීමේ අරමුණින් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පාර්ලිමේන්තුවේදී කිරීමට සැලසුම් කර තිබූ කතාව නැවැත්වීමට ශ්‍රී ලංකාව පියවර ගෙන ඇතැයි ‘ටයිම්ස් ඔෆ් ඉන්දියා’ පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.
චීනයේ ණය උගුලක සිරවෙමින් සිටින මොහොතක, ශ්‍රී ලංකාවට ඉන්දියාව සමඟ තිබෙන සම්බන්ධතා අවදානමේ හෙළීමට නොහැකි බැවින් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පාර්ලිමේන්තුවේදී කිරීමට නියමිතව තිබූ කතාව නැවැත්වීමට පියවර ගත් බව එම පුවත් වාර්තාවේ සඳහන් ය.
‘ඉන්දියාව සමඟ ගැටුමක් ඇති වීම නැවැත්වීමට ශ්‍රී ලංකාව, ඉම්රාන් ඛාන්ගේ පාර්ලිමේන්තුව කතාව නවත්වයි’ යන අරුත් දෙන සිරස්තලය යටතේ දාර් ජාවේද් ‘කලම්බු ගැසට්’ වෙබ් අඩවියේ පළ කළ ලිපියක් උපුටා දක්වමින් ‘ටයිම්ස් ඔෆ් ඉන්දියා’ පුවත් වෙබ් අඩවිය ඒ බව වාර්තා කර ඇත.
‘කොවිඩ්-19’ එන්නත් බෙදාහරිමින් ඉන්දියාව මේ අවස්ථාවේ ලෝකය බේරාගනිමින් සිටින බව ද එම පුවත් වාර්තාවේ සඳහන් ය.
ඉන්දියාව මෑතකදී ශ්‍රී ලංකාවට ‘කොවිඩ්-19’ එන්නත් මාත්‍රා ලක්ෂ පහක් පරිත්‍යාග කළ බව ද එහි සඳහන් ය.
පසුගිය මාස කිහිපයේදී ශ්‍රී ලංකාව තුළ මුස්ලිම් විරෝධී ප්‍රවණතාවක් ගොඩනැගුණු බවත් මුස්ලිම් දේවස්ථානවල සතුන් බිලිදීම සම්බන්ධයෙන් බෞද්ධ ජනතාව විරෝධය පළ කළ බවත් ‘ටයිම්ස් ඔෆ් ඉන්දියා’ පුවත් වාර්තාවේ දැක් වේ.
ඉම්රාන් ඛාන් ඉකුත් වසරේදී ඇෆ්ගනිස්තානයේ දී භාවිත කළ අයුරින් ශ්‍රී ලංකා සංචාරයේදී මුස්ලිම් යන්න සාධකයක් ලෙස භාවිත කරනු ඇතැයි ද එහි සඳහන් ය.
ත්‍රස්ත ක්‍රියා, ඉස්ලාමීය නීතියෙන් සාධාරණීය කරන ලද ‘ශුද්ධ යුද්ධය’ යැයි පවසමින් ඉම්රාන් ඛාන් 2012 වසරේ දී තලේබාන් සංවිධානයට සහාය දැක්වූ බව ද ජාවේද් සිය ලිපියේ සඳහන් කර ඇත.
ඉම්රාන් ඛාන් එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසියේදී ද මුස්ලිම් සම්බන්ධ කරුණු ඉදිරිපත් කළ අතර එය විවිධ රටවල අභ්‍යන්තර කටයුතුවල මැදිහත් වීමට හේතුවක් කරගෙන ඇතැයි ද එහිදි කීය.
ඉස්ලාමීය රැඩිකල්වාදියකු විසින් ගුරුවරයකු ඝාතනය කරනු ලැබීමත් සමඟ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් කළ ප්‍රකාශයට මුස්ලිම් බහුතරයක් සිටින රටවල් විරෝධය පළ කළ යුතු යැයි ද ඉම්රාන් ඛාන් පසුගිය වසරේ දී ප්‍රකාශ කළේය.
මුස්ලිම් නොවන රටවල තිබෙන මුස්ලිම්-භීතිකාව වර්ධනය වෙමින් තිබෙන බවත් එය පාලනය කිරීම සඳහා පියවර ගත යුතු බවත් පවසමින් ඉම්රාන් ඛාන් පසුගිය වසරේ දී මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවලට ලිපියක් ලියූ බව ද ජාවේද් සිය ලිපියේ සඳහන් කර ඇත.
(‘ටයිම්ස් ඔෆ් ඉන්දියා’ ඇසුරිනි)
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මෙයාට මොනවද විකුණන්න පොරොන්දු වුණේ?
මාධ්‍යයේ වාර්තා කරන සියල්ල සැමවිටම ඇත්තක්ද?...
පාකිස්තාන මුල් පුරවැසියා වන ඔබව අප සාදරයෙන් පිළිගන්නෙමු. නායකයෙකුට තිබිය යුතු සියල්ලම ඔබට තිබෙන බව ඔබ ක්‍රීඩා කරනවිට අප හොඳින් දැක තිබේ. එලෙසම තම රට වෙනුවෙන් ක්‍රීඩා කරනවිට දැක්වූ දක්ෂතාවයන් අප හදවතින්ම අගය කරන්නෙමු. දේශපාලන ක්‍රීඩාපිටියේද ඔබ රට වෙනුවෙන් නොබියව ගන්න තීන්දු තීරණ දෙස අප ඇස් අයාගෙන බලා සිටින්නෙමු. මක්නිසාදයත් අප රටේ දේශපාලන ක්‍රීඩාව කරන අත දරුවන්ට, ළදරුවන්ට, මෙන්මම පට්ටියේ අම්බරුවන්ට ඔබගෙන් ඉගෙනීමට, ගත යුතු පාඩම් බොහොමයක්ය. ඔබ නිහඬව වැඩියෙන් සේවය කරන්නෙකි. එනමුත් අප රටේ සිටින්නේ වැඩිපුරම උම්බෑ නද දෙන 225කි. එයයි ඔබේ සහ අප රටේ දේශපාලන පොරපිටියේ වෙනස. ඔබට ජයම වේවා...!!!
අපි ගිරයට අහුවුණු පුවක් ගෙඩිය වගේ.. එක පැත්තකින් ඉන්දියාව.. අනික් පසින් චීනය. අපිට ඉදිරියේදී හුස්ම ගන්න වෙන්නෙත් මේ රටවල්වලින් අහලා තමයි.
මෙතුමාව අපි බලෙන් අල්ලගෙන අපේ රටේ නයකයා ලෙස පත්කරමු.. අායෙත් පාකිස්තානයට යන්න නොදී... මෙවන් නායකයෙක් ලබන්න අපි පින් කළා මදි...
මේවා තමයි නියම ඩබල් ගේම... හැමෝම ශේප් කරගෙන... තමුන් වාසි ලබාගන්න එක... හැබැයි අවසන් ප්‍රතිඵල කොහොම වේවිද කියලා අපි දන්නේ නැත.
විකී ඔබ හරි... වැසිකිළියට යන්නත් අවසර ගන්න වෙයි..
අපි ඉන්දියාවේ ප්‍රාන්තයක්ද? දැන්වත් පේනවද මේ පාලකයෝ කියාගන්නා හොරගුහාව මේ රටට කරලා තියෙන අපරාධයේ තරම..?
මම හිතුවේ නන්දසේන මහත්තයා චීනේ ලොකු සර්ට විතරයි බය කියලා. දැන් බලනකොට ඉන්දියාවටත් බය වෙන්න වෙලා... කෝ අපේ අර රට කන වීරයා...?