
(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල ඉබ්බන්කටුව ජලාශයේ විදුලි බලාගාරය ආසන්නයේ දිය නෑමට ගිය පාසල් සිසුවෙක් 23 දින පස්වරුවේ දියේ ගිලි මියගොස් ඇතැයි දඹුල්ල පොලිස් ජීවිත ආරක්ෂක ඒකකය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ ගාල්ල හල්විටිගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 16ක් වූ සමිඳු නෙත්මිණ නැමැති පාසල් සිසුවෙකි
තම පුංචි අම්මා, මිත්තණිය, කුඩා මලනුවන් සමඟින් අනුරාධපුරයේ වන්දනාවේ යන අතරතුර සීගිරි ගලේ ගොස් මෙම පිරිස ඉබ්බං කටුව ජලාශයේ ඉතා අනාරක්ෂිත ස්ථානයක දිය නෑමට ගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙම ස්ථානයේ විදුලි බලාගාරයට ජලය සැපයෙන ප්‍රධාන හැරවූම පිහිටා ඇති අතර එම ස්ථානයෙන් දිය නෑම සඳහා මිත්තණිය, පුංචි අම්මා, මලනුවන් සමග වැවට බැසීමත් සමඟින් මෙම පාසල් සිසුවා දිය වැලට හසු වී ගසාගෙන ගිය බව මිත්තණිය සඳහන් කළාය.
පසුව දඹුල්ල පොලිසියේ ජීවිත ආරක්ෂක ඒකකයේ කණ්ඩායම පැමිණ කිමුදුම් කට්ටල යොදාගෙන පැය දෙකකට පමණ පසුව සිසුවාගේ මළ සිරුර ගොඩ ගැනීම සිදුකරන ලදී
සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලිසියේ පරීක්ෂණය පවත්වති.

2025 දෙසැම්බර් මස 18
255
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
988
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉබ්බන්කටුව වැවේ ගිලී සිසුවෙක් මරුට