(චාන්දනී දිසානායක සහ ගයාන් සූරියආරච්චි)
ඉබ්බාගමුව කලාපයේ ප්‍රාථමික පාසල සිසුන් සිව් දෙනකු දැඩි ලෙස මත්ව සිහිසුන් වී පාසලේ ගසක් යට වැටී සිටයදී කුරුණෑගල රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.
ඉන් එක් සිසුවකු දැඩි ලෙස මත්ව සිටි නිසා ඔහුගේ තත්වය බරපතල බව කුරුණෑගල ශික්ෂණ රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.
රෝහල් ගතකොට සිටින සිසුන් ලිහිනිවැහැර අවට පදිංචි කරුවෝ වෙති.
මෙම සිසුන් සිව් දෙනා කිසියම් මත්පෙති වර්ගයක් පානය කිරීමෙන් මෙසේ පාසල තුළ සිහිසුන්ව සිටි බවට සැකකරන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
ඊයේ පාසල පැවැත්වෙන වෙලාව තුලදී මෙම සිසුහු මෙසේ මත් ගතියෙන් පාසලේ ගසක් යට වැටී සිටියදී හමුවීමෙන් පසුව ඔවුහූ රම්බඩගල්ල රෝහලට ඇතුලත් කර ඇතත් සිසුන්ගේ තත්ත්වය බරපතල වූ බැවින් ඔවුන් කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුලත් ගතකල බව රම්බඩගල්ල රෝහල් ප්‍රකාශකයෙක් සනාත කලේය.
හදුනානොගත් පෙති වර්ගයක් පානය කිරීමෙන් මෙම තත්ත්වය ඇතිවී තිබෙන බවට සැකකෙරෙන බව සිදුවීම පිළිබදව පරීක්ෂණ මෙහෙය වන මදුරාගොඩ පොලිසිය පවසයි.
කිසියම් පෙතිවර්ගයක් ගසයට වැටීතිබි අහුලාගෙන පානය කල බවට සිසුහූ පැවසුවත් මේවා කිසියම් වැඩිහිටියෙකු විසින් එම සිසුන්ට ලබාදුන්නේද යන්න පිළිබදව සොයා බලන බව මදුරාගොඩ පොලිසිය සදහන් කළේය.
මින් එක් දරුවකුගේ පියකු දැඩි ලෙස මත් ද්‍රව්‍යවලට ඇබ්බැහිව සිටින බවත් ඔහුගේ මත් පෙති රැගෙන ඇවිත් පානය කළේය යන්න ගැන පරීක්ෂණ මෙහෙයවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුක්තිය වීදි නාට්‍ය කාරයෝ ටික කැමරා ටිකත් අරන් ඉස්පිරිතාලෙට ගිහිල්ලා මේ ළමයිවත් ජීප් එකට නග්ගාගෙන අරන් යයි.
පෙනෙන තෙක් මානෙක අනාගත සුරක්ෂිත භාවයක් නොදකින තරුණ පරපුර මතට හුරුවීම අරුමයක් නොවෙයි... විවිධ ආර්ථික පීඩාවන්ගෙන් දුක්විඳින දෙමව්පියන්ගේ දුක්ඛිත ජීවිත තුළ සිර වෙමින්, තාරුණ්‍යයේ විඳිය යුතු සුන්දරත්වය විඳීමට නොහැකි තාරුණ්‍යය අවසානයේ සතුටු වීමට තෝරාගෙන තිබෙන මාර්ගය තමයි මේ... මුග්ධ පාලකයින් සිටින රටවල මේ තත්වය සාමාන්‍යයි. මේ රටේ වැඩිහිටි හරක් රැලට සහ කටුවලින් ඇනගත්ත ගැටිස්සියන්ට හා විපත්මගේ වියතුන්ට කන්න නැතත් ඉන්න රටක් ඕනෑ ... අවසානයේ එවුන් රැලෙන් සමහරක් පිටරටවලට පැණ ගත්තා, ඉතිරි අයට වරප්‍රසාද හිමිවුණා.. තරුණයින්ගේ ජීවිත අවුල් වුණා.
නගරයට වඩා ගම මතට විවරව ඇති වග පෙන්වන සිදුවීමකි. එවන් තත්ත්වයක් තුළ වුවත් යුක්තියට ගරහන අමන පිරිසක් මෙරට සිටීම කුඩ්ඩන්ගේ වාසනාවයි.
කලියුගයේ අවසාන විනාශය (මහා යුද්ධය) ලංවන විට පහත දේවල් සිද්ධ වෙනවා. මිනිස්සුන්ගේ ආයුෂ ඉතාම කෙටි වෙනවා. මිනිස්සු නිතර මැරෙනවා. රජවරු අතුරුදහන් වෙනවා. රටවල් වල බදු ගැසීම් අධික වෙනවා. ස්ත්‍රීන් බහුලව ඉපදෙනවා. මිනිස්සුට ලෙඩ රෝග බහුල වෙනවා. මිනිස්සුන්ගේ පාප ධර්ම බලවත් වෙනවා. වැරදි දර්ශන ලෝකයේ පැතිරෙනවා. ප්‍රඥාව පිරිහෙනවා. ස්වභාව ධර්මය විකෘති වෙනවා. පුරුෂයෝ මෝඩයෝ වෙනවා. පුරුෂයෝ දුර්වල වෙනවා. ස්ත්‍රීන් බලවත් වෙනවා. අඩු වයසින් ලිංගිකව එකතුවෙනවා. නෑදෑකම හෝ තමාට ඇති සම්බන්ධතාව නොසලකා ලිංගිකව එකතුවෙනවා. මිනිස්සු විවිධ ප්‍රශ්න නිසා තමන් ජීවත්වෙන ප්‍රදේශය අතහැර යනවා. මිනිස්සුන්ගේ ශරීර නිවැරදිව වැඩෙන්නේ නැහැ. ආහාර හිඟ වෙනවා. මහා විශාල ගස් අතුරුදහන් වෙනවා.