(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් කෝටි ගණනාවක් වටිනා බම්බලපිටිය ෆරිඩ් පෙදෙසේ පැරණි තෙමහල් නිවසකට ඉබි යතුරු කඩා අනවසරයෙන් ඇතුළු වී සිටි බව කියන සාමණේර හිමිවරුන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කියයි.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාලඹේ ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කරන සාමණේර හිමිවරුන් දෙදෙනෙකි.
තම නිවසේ ඉබයතුරු කඩා හිමිවරුන් තිදෙනෙකු තවත් පුද්ගලයකු බලෙන් රැඳී සිටින බවට නිවසේ හිමිකාරිය බව කියන කාන්තාවක් පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව එම ස්ථානයට ගිය පොලිස් කණ්ඩායමක් විසින් එම අවස්ථාවේ සිටි වයස අවුරුදු 20 හා 14 පසුවල හිමිවරුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
මෙම නිවසට එකම පවුලේ සහෝදර සහෝදරියන් තිදෙනෙකු හිමිකාරීත්වය දරන අතර හිමිනමක් විදේශගත වූ අවස්ථාවේදී ඇටෝනි බලපත්‍රයක් මගින් එහි කොටසක් පවරා දුන් බවත් ඒ හේතුවෙන් හිමිකාරීත්වය ඇති පවසා නිවසට ඇතුළු වී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුන්ගේ පින්වලින් ඉක්මනට නිවනට යන්න පාර හොයනව පාදඩ චීවරධාරියෝ.. මේ වගේ එවුන් නිසා තමා සිවුරට අපහාස උපහාස විඳින්නවෙලා තියෙන්නේ..
නිවසින් කොටසක් සාංඝික කරලනේ...ඒත් ඉබි යතුරුටික දෙන්න අමතක වෙන්ඩ ඇති ඇටෝනි බලපත්‍රය දෙන වෙලාවෙදී, ඒකයි ඉබි යතුරු කඩා ඇතුළු වී ඇත්තෙ???
දැන් ඔය මහණවෙලා තියෙන්නේ සියලු ලෞකික දේවල් අතහැරලා නොවේද?
පින්වතුනි…. හැකි තරම් පූජා කරන්න… දෙන දෙන තරමටයි ලැබෙන්නේ.
කරුණාකර නීති මගින් මෙම චීවර ධාරියෝ දෙන්නට උපරිම දඩුවම් දෙන්න , වචන වලින් බුදු සසුනට අපහස කල කියල සේපාලට සහ අර නටාෂා කියන කාන්තාවට බෙදුව හැන්දෙන්ම මේ ගොල්ලන්ටත් බෙදන්න , සංගයාවහන්සේලට දේපල , වාහන වැනි දේවල් වල ඓතිය ලබාගන්න බැරි විදිහට නීති සම්පාදනය කරන්න , කරුණාකර බිස්නස් කරනවා නම් සිවුරෙන් ඉවත් වෙන්න