
(යොහාන් භාසුර)
ලෝක වෙළෙඳපොලේ ඉන්ධන මිල අඩුවන විට මෙරට ඉන්ධන මිල අඩු නොකිරීම මෙරට ජනතාවට කරන බරපතල අසාධාරණයක් බවත් එම වරද නිවැරදි කළයුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පැවසීය.
කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී අද ආරම්භ වූ ‘යාඩියා 2026 ක්ලම්බු ඊවී මෝටර් ෂෝ’ විද්‍යුත් මෝටර් රථ ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එසේ පැවසීය.
ලෝකයේ බොහෝ රටවල් ලෝක තෙල් මිල පහළ යන විට මිල පහළ දමන අතර කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ තෙල් මිල ඉහළ යන විට තෙල් මිල ඉහළ දැමුව ද ලෝක තෙල් මිල පහළ යන විට ඉහළ දැමූ මිල එලෙසම පවත්වාගෙන යන බව ද ප්‍රේමදාස මහතා කීය.
ලෝක වෙළෙඳපෙලේ සාමාන්‍ය ඉන්ධන මිලට වඩා වැඩි මුදලක් ඉන්ධන ආනයනයට වියදම් කිරීමෙන් මෙරට විදේශ විනිමය සංචිතවලට අගතිගාමී හෙවත් සෘණාත්මක බලපෑමක් නිර්මාණය කර ඇති බවත් ලෝක වෙළෙඳපොලේ මිලට වඩා වැඩි මුදලක් වියදම් කළේ ඇයිදැයි ආණුවෙන් පිළිතුරු අවශ්‍ය බවත් ඒ මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd