(කේ බුද්ධික කුමාරසිරි)

ඉන්ධන ලබා ගැනීමට නොහැකි වීමත්, ලබා දී ඇති ඉන්ධන කෝටාව ප්‍රමාණවත් නොවීමත් නිසාවෙන් එළවළු ප්‍රවාහණය ගැටළුවක් වී ඇති බැවින් හෙට (17) දින සිට මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු තොග අඩු වීමට ඉඩ ඇතැයි එම ආර්ථික මධ්‍යස්ථානයෙහි ව්‍යාපාරිකයෝ පවසති.

එසේම දිනපතා මීගොඩ සිට දඹුල්ල වැලිමඩ බණ්ඩාරවෙල නුවරඑළිය තඹුත්තේගම ආදී ප්‍රදේශවලට ගොස් එළවළු ගෙන ඒමට සහ යාමට ඉන්ධන ලීටර් 200 ක් සතියකට කිසිසේත් ප්‍රමාණවත් නොවන බැවින් තමන්ට දෙන ඉන්ධන කෝටාව ඉහල දමන ලෙස ඔවූහු පවසති.

තමන් සතුව පැවැති අවසන් ඉන්ධන තොග භාවිතා කරමින් අද (16) දින එළවළු ප්‍රවාහන කටයුතු සිදු කළ ද හෙට සිට ප්‍රවාහන කටයුතු සිදු කිරීම අවිනිශ්චිත බවද එම ව්‍යාපාරිකයෝ පවසති.