ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ සහ ඊසානදිග අනකුත් ප්‍රදේශවලට අද (05) උදෑසන රිච්ටර් මාපකයේ 5.1 ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම භූකම්පනය අද (05) අලුයම 4:17 ට පමණ සිදුව ඇති බවත්  භූමිකම්පාවේ කේන්ද්‍රය ඇසෑම්හි මොරිගාඕන් දිස්ත්‍රික්කය අසලින් වාර්තා වී ඇති බව, ජාතික භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය (NCS) පවසයි.

භූමිකම්පාවේ කේන්ද්‍රය කිලෝමීටර 50ක් ගැඹුරින් පැවති බවද NCS ආයතනය සඳහන් කළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

කෙසේ වෙතත්, ජීවිත හානි හෝ දේපළ හානි පිළිබඳ වාර්තා මෙතෙක් ලැබී නොමැති බවද විදෙස් මාධ්‍ය පවසයි.

ඇසෑම් ඇතුළු ඊසානදිග ඉන්දියාව, රටේ වඩාත්ම සංවේදී භූ කම්පන කලාපයට අයත් වේ.

(අන්තර්ජාලය ඇසුරෙන් හසිනි නවෝද්‍යා)