(ටී.කේ.ජී.කපිල )

ලෝක කුසළාන විස්සයි 20 තරගාවලියේ   ඉන්දීය - පකිස්තානු ක්‍රිකට් තරගය නැරඹීම සදහා විශේෂ පෞද්ගලික ජෙට් ගුවන් යානා 15 කින් ලොව පුරා ක්‍රිකට් ලෝලීහු විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග කියයි.

ඉන්දියාව , පකිස්තානය ඇතුළු තවත් රටවල් ගනණවකින් එම පිරිස් පැමිණ තිබුණි .

එසේ පැමිණි පිරිස අතර පකිස්තාන ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළු පිරිසක් , ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ.ෂාහ් මහතා ඇතුළු කෝටිපති ව්‍යාපාරිකයන් රැසක් ද පැමිණ සිටියහ .

ඔවුන් මේ වනවිට ඔවුන් පැමිණි ගුවන් යානා වලින්ම පිටත්ව ගොස් තිබේ .