
(අයි. ආර්. ඉන්දික)
වැල්ලවාය මොනරාගල පාරේ අයි.ඕ.සී ඉන්ධන තොග අවසන්විමත් සමග ඒ අසල කලහකාරි ලෙස හැසිරුනු පුද්ගලයයන් 13 දෙනෙකු හා එම ස්ථානය ආසන්නයේ දමා ගිය අයිතිකරුවන් නොමැති යතුරුපැදි 20ක් පමණ පොලිස් බාරයට ගෙන ඇතැයි වැල්ලවාය පොලිසිය පවසයි.
කලහකාරි ලෙස හැසිරුන පුද්ගයන් පාලනය කිරිමට වැල්ලවාය පොලිස් නිළධාරින් කටයුතු කර ඇති අතර ඒ අස්ථාවේ පොලිස් නිළධාරින්ටද ගල්මුල් වලින් ප්‍රහාර එල්ලකර තිබේ .
අනතුරුව මෙම පුද්ගලයන් අයි.ඕ.සි ඉන්ධන පිරවුම්හලට ගල්මුල්වලින් මෙන්ම බොතල්වලින් ප්‍රහාර එල්ල කර ඇති අතර ඇතිවු ගැටුමෙන් වැල්ලවාය පොලිස්ථානයේ රථවාහන අංහයේ පොලිස් සැරයන්වරයකු තුවාල ලබා වැල්ලවාය මුලික රෝහලට ඇතුලත්කර තිබේ .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd