(යොහාන් භාසුර)
ලංකා ඛනිජ තෙල් සංස්ථාව රුපියල් 62 කින් මිල ඉහළ දැමූ ලංකා සුපිරි ඩීසල් ලිටරයකින් ශත 61 ක ලාභයක් බලන බවත් ආණ්ඩුව සුපිරි ඩීසල් ලිටරයකට රුපියල් 103.64 ක බද්දක් අය කරන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකින් ශත 01 ක ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකින් ශත 39 ක ද, ඩීසල් ලීටරයකින් ශත 51 ක් ද, භූමිතෙල් ලීටරයකින් ශත 15 ක් ද, ලාභයක් උපයන බවත් ආණ්ඩුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකට රුපියල් 104.02 ක ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකට රුපියල් 126.71 ක ද, ඩීසල් ලීටරයකට රුපියල් 80.15 ක් ද, භූමිතෙල් ලීටරයකට රුපියල් 3.02 ක් ද, බදු අය කරන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.
ලංකා ඉන්දියන් ඔයිල් (අයි.ඕ.සී.) සහ සිනෝපැක් යන සමාගම් දෙකම පෙට්‍රල් සහ ඩීසල් කාණ්ඩ හතරෙන්ම පාඩු ලබන බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන ටොම් පචද දෙයියනේ..? IOC පාඩු ලබනවාලු... ඉන්දියන් කාරයෝ මොකෙන් හිනාවෙනවා ඇත්ද?
ICC පාඩු ලබනවා. ඕක පොහොට්ටුවේ තණකොළ කන බයියන්ට විතරක් කියන්න...!
ඇත්තටම පිස්සුද?
තාත්තා වගේම තමා. අනෙක තමුන්ගේ ආණ්ඩුවේම කෙනෙක් කිව්ව ආණ්ඩුව බිස්නස් කරන්නේ නැහැ කියලා. බදු කියන්නේ ආණ්ඩුව ලබන ශුද්ධ ආදායමක් නේද? මේ වගේ හෙන ගහන, බදු පනවන තමුන්ලා මේ වැස්ස දවස්වල ප්‍රෙව්ශමෙන් එළියට බහින්න. හෙන වදිනවා...!