(ආනන්ද ඉ ජයකොඩි)
නිට්ටඹුව කලල්පිටිය ඉන්ධන පිරවුම් හල තුළදී කළහකාරී ලෙස හැසිරෙමින් එහි ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි පොලිස් හා හමුදා නිලධාරීන් පිරිසකගේ රාජකාරියට බාධා කළ බව කියන බැංකු නිලධාරියකු ඇතුළු සැකකරුවන් සිව් දෙනකු මේ මස 20 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ රදවා තැබීමට අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් වරිය ඊයේ 15 නියෝග කළාය.
පුබුදු ප්‍රසන්න, කේ ඒ කලිඳු කුෂාන් , මොහොමඩ් ෂාරුක් හා කුෂාන් සෝමරත්න යන සිව් දෙනෙකු එසේ රිමාන්ඩ් කෙරිණි.
පොහෝදා පෙරවරුවේ ඉන්ධන අවසන් වී ඇති බවට එහි සේවකයින් ප්‍රකාශ කළ අවස්ථාවේ පෝලිමේ සිටි බව කියන සැකකරුවන් සිව් දෙනා එය අසත්‍යයක් බව ප්‍රකාශ කරමින් කළහකාරී ලෙස හැසිරෙමින් ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි පොලිස් හා හමුදා නිලධාරීන් පිරිසකගේ රාජකාරියට බාධා කරමින් විනාශකාරී ක්‍රියාවන් සිදු කිරීමට උත්සාහ කළ බව කියමින් මොවුන් සිව් දෙනා නිට්ටඹුව පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබිණ.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ඉන්ධන හලේ පාට් දැමූ බැංකු නිලධාරියා ඇතුළු හතරක් රිමාන්ඩ්