(බී.ජී. චතුරංග)
පෙට්ටල් ලබා දෙන දිනයක් දැන ගැනීම සඳහා පණ්ඩුලගම ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම් හලකට යතුරු පැදියකින් පැමිණි මවක සහ දියණියක ටිපර් රථයක ගැටීම දියණිය මියගොස් මව තුවාල ලබා ඇතැයි අනුරාධපුර පොලිසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, ඉහලවැව, ශ්‍රාවස්තිපුර ලිපිනයේ පදිංචි පී.ඩී අනෝමා රණසිංහ නැමැති 36 හැවිරිදි කාන්තාවක් බව පොලීසිය කියයි.
මව අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් ඇගේ තත්ත්වය බරපතල බවත් රෝහල් ප්‍රකාශකයෙක් කීය.
ඩීසල් ලබා ගැනීම සඳහා පැමිණ දින කිහිපයක් තිස්සේ එම ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට නතර කර තිබූ ටිපර් රථයක බැටරිය අක්‍රීය වීම හේතුවෙන්, වෙනත් ටිපර් රථයක් පැමිණ පසු පස කොටස අනෙක් ටිපර් රථයේ පසුපසට වැදීමට සලස්වා තල්ලු කිරීමේදී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි .
අනතුරට සම්බන්ධ ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ඉන්ධන හලේ අනතුරින් දියණිය මරුට