(අංජුල මහික වීරරත්න)
"ඉන්දියන් ක්‍රෙඩිට් ලයින්" අත්සන් කළ පසු මාස හතරකට ප්‍රමාණවත් ඉන්ධන ලංකාවට ලැබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍යට ප්‍රකාශයක් කරමින් අද (14 )පැවසීය.
ගෑස් මෙට්‍රික් ටොන් 3500 ක් සහිත නැවක් අද (14) පැමිණි අතර එහි ගෑස් නිකුත් කිරීමේදී රෝහල්, හෝටල් සහ ආදාහනාගාර වැනි ආයතනවලට ප්‍රමුඛත්වය ලබා දෙන බවත් ඊට පසු එන නැව් වලින් මාස හතරකට ගෑස්, ඉන්ධන අඛණ්ඩව ලබා දෙන්නට තීරණය කළ බවත් අග්‍රාමාත්‍යවරයා කීය.
නමුත් අඛණ්ඩව ගෑස් සහ ඉන්ධන සැපයීම් කළ හැක්කේ දැනට තිබෙන ඉල්ලිම් වලින් සියයට පනහක් ලබා දෙනවා නම් පමණක් බව කී අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛතා හඳුනා ගනිමින් ඉදිරි සැපයීම් කරන බවද සඳහන් කළේය.
ඩොලර් හිඟය පියවීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායම සමග සාකච්ඡා කර ගෙන යන අතර ඒ් වැඩ කටයුතු ජුනි මාසය ඇතුළත සම්පූර්ණ කර ගැනීමට හැකි වෙතියි බලාපොරොත්තු වෙන බව ද අගමැතිවරයා සඳහන් කළේය.
තමා කලින් සඳහන් කළ පරිදි දැන් දුෂ්කර ම කාලය ගෙවමින් සිටින අතර ඒ ප්‍රශ්නවලට මුහුණ දී දරා ගැනීම ගැන සියලු දෙනාට ස්තුති කරන බවත් ප්‍රශ්න ශීඝ්‍රයෙන් විසඳන්න බැරි වීම ගැන කණගාටුව ප්‍රකාශ කරන බවත් අග්‍රාමාත්‍යවරයා කීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන් තවදුරටත් කරනුනේ ආණ්ඩුවේ දේශීය වියදම් පියවීම උදෙසා මුදල් ටොන් ගණනින් අච්චු ගැසීමයි. රට වලපල්ලට අදාල දැමීමට කරන කාලකන්නිම අමන වැඩේ මුදල් අච්චු ගසමින් බලයට පත්වන වසර 5 ගෙවා දැමීමයි. කෝ... පොර ටෝක්... ආණ්ඩුවේ පාඩු අවමකරන්න මොනවද කරලා තියෙන්නේ. කෝටි ගන්නන් කුලී ගෙවමින් රාජ්‍ය ආයතන සිය ගණනක් පවත්වාගෙනයාම කොතරම් රජයට බරක් ද. හැමදාම දුම්රිය පාඩු ලු ඉන්ධන මිල කී වරක් ඉහල ගියාද එත් ඊට සරිලන ලෙස ගාස්තු සංශෝදනය උනාද? පෞද්ගලික බස් නොතිබුණා නම් ctb එකත් පාඩු පිට පරණ ගාස්තුවම අයකරයි. අපිට යථාර්තයට මුහුණ දෙන්නම වෙනවා, අවශ්‍ය තීන්දු තීරණ ගනිමින් රජයේ මුල්‍ය අර්බුදය විසදා ගන්න. ඩොලර් ගැන පමණක් දොඩවමින් කාලය කන්න එපා.
මොවුන්ගේ දැක්ම කොතරම් කෙටිද කියා තේරෙන්නේ අධ්‍යාපනයට කරන විනාසයෙන්. හිතු ගමන් නිවාඩු ප්‍රකාශ කරනවා, දැනටමත් දරුවන් වසරකට පාසල් පැවැත්විය යුතු දින ගණනින් අඩක් වත් සපුරා ගැනීමට නොහැකිව සිටින්නේ. කොරෝනා නිසා වසර දෙකකටත් වඩා කිසිදු වාර විභාගයකට මුහුණ නොදී ඉදිරියට යන සිසු කැලක් අනාගතයේ කෙලෙස නම් වලටම වැටුණු රටක් පරිපාලනය කරන්න ද? ජාත්‍යන්තර සමීක්ෂණ ආයතන අපගේ අධ්‍යාපනය පිළිබඳ ශ්‍රේණිගත කිරීම් පියවරින් පියවර පහල හෙලයි. ඉහල දැනුමක් අවැසි විදේශීය ආයෝජන මෙරට රැදී සිටීද... නව ආයෝජන එයි ද? විවෘත මනසින් ගැටලුව නිවැරදිව නිරාකරණය කරන්න. අපි පව්....

අදාල පාර්ශ්වයන්ට කතා කරල, currency substitution එකක් කරන්න. මම දන්නේ නැහැ ඒකට සිංහලෙන් කියන්නෙ මොකක්ද කියල. එතකොට පුලුවන් පිටරට සමාගම් වලට ඇවිත් මෙහෙ බඩු විකුනන්න. එතකොට පෝලිම් නැහැ..හැබැයි ආයේ රුපියලත් ැහ.