(යොහාන් භාසුර)
වර්තමාන තත්වය අනුව කිව්.ආර්. කේතයට ඉන්ධන තොගය සම්පූර්ණයෙන් නිකුත් කළ නොහැකි බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු මහතා ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ලිඛිතව දැනුම්දී තිබේ.
ත්‍රිවිධ හමුදා සහ පොලිසිය ඇතුළු රාජ්‍ය වාහනවලට සහ රාජ්‍ය සේවකයන්ගේ වාහනවලට, සුළු පරිමාණ ව්‍යාපාර සහ කුඩා ජෙනරේටර්වලට, එදිනදා ජීවනෝපාය පවත්වාගෙන යන තණකොළ, ගස් සහ දර කැපීමට පාවිච්චි කරන යන්ත්‍රවලට මෙතෙක් කිව්.ආර්. කේතය හදුන්වාදී නොතිබීම සහ හදිසි අවශ්‍යතා සඳහා සුළු ඉන්ධන ප්‍රමාණයක් නිකුත් කිරීම යන කරුණු හේතුවෙන් කිව්.ආර්. කේතයට සියයට 100 ක්ම ඉන්ධන නිකුත් කළ නොහැකි බවත් අදාල සියලුම අංශවලට කිව්.ආර්. කේතය හදුන්වාදී ජනතාව දැනුවත් කරන්නේ නම් සංස්ථාව පවසන ආකාරයට ඉන්ධන බෙදාහැරිය හැකි බවත් ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය වැඩි දුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්‍ය කථාවක්.ගස්කපන තණකොල කපන අයත් ජීවත්වෙන්න ඕන. ඉස්සර විදියට උදලුගාන්නත් ගියොත් කුලී ගෙවලම බංකොළොත් වෙනව. මේ පැත්ත ගැනත් ඇමතිතුමාට ප්රඥාව පහලවේවා.
කතාව සාධාරණයි. හැබැයි අර හදිසි අවස්ථා කියන එක තමයි. අයතා විදිහට පාවිච්චි කරන්නේ.
දෙන්න ඛැරිනන් තියාගනින් ඕක