(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)
ඉන්ධන මිලදී ගැනීම, බෙදා හැරිම සහ ඉන්ධන බෙදාහැරීමේදී ප්‍රමුඛස්ථානය ලබා දෙන ක්ෂේත්‍ර කවරේදැයි යන්න පැහැදිලි කර ඒ සම්බන්ධ වාර්තාවක් ලබන 12 වැනිදාට පෙර අධිකරණයට ගොනු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නිතිපතිවරයාට අද (04) නියෝග කළේය.
විජිත් මළල්ගොඩ, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළේ ශ්‍රී ලංකා නිතීඥ සංගමය ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් අද (04) යළි කැදවූ අවස්ථාවේදීය.
මේ වන විට රටේ ඇතිවී තිබෙන වත්මන් ආර්ථික අර්බුදයට දිගුකාලින සහ කෙටිකාලින විසදුම් සකස් කරන ලෙස රජයට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා නිතිඥ සංගමය ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් අද (04) කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
12 වෙනිදා වෙනකොට යමක් වෙලා තියෙයි .
ඉන්ධන බෙදාහැරීමේදී ප්‍රමුඛස්ථානය පරිප්පු ඇටයේ සිට බදු ගෙවන සාමාන්‍ය සිවිල් ජනයාට හිමි විය යුතුයි
භාෂාව ගැන මීට වඩා සැලකිල්ලක් දක්වන්න. ඉන්ධන වාර්තාවක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලුවේ කව්ද ? විනිශ්චයකාරවරු ඛනිජ තෙල් සංස්ථාවෙ වැඩකරනවද ? "ශ්‍රේෂ්ඨාධිකරණය ඉන්ධන පිළිබඳ වාර්තාවක් ඉල්ලයි" කියලා නේද හරි යෙදුම ?