(යොහාන් භාසුර)
ඩීසල්, ඔක්ටේන් 92 පෙට්‍රල් සහ භූමිතෙල් මිල අද (31) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පැවසීය.
ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක මිල රුපියල් 5 කින්, ඩීසල් ලීටරයක මිල රුපියල් 5 කින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 26 කින් ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේය.
මේ අතර ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියල් 8 කින් සහ ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 7 කින් අඩු කළ බවත් එම සංස්ථාව කීය.
එම මිල ඉහළ දැමීත් සමඟ ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක නව මිල රුපියල් 371 ක්, ලංකා ඩීසල් ලීටරයක නව මිල රුපියල් 363 ක් සහ භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 262 බවට පත්වූ බව ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේය.
ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක නව මිල රුපියල් 456 ක් සහ ලංකා සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 468 ක් දක්වා අඩු කළ බව ද සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුපියල ඉහල නැග්ගා කියනවා නේද ?
මුන් දාන් ඉත්තෝ එහාට මෙහාට අදිනවද මන්දා ?
ඩොලර් එක් පහළ යන්න.... තෙල් ගනන් යනවා....මාරයි අප්පා...
ලොකු මිනිස්සුන්ට බෝනස්.අපිට ටැක්ස්
දැන් වැඩි කළා මදිද .ඔය එකතු උන සල්ලි වලින් චන්දයක් තියන්න. මිනිස්සුන්ට දැන් මේ රටම එපා වෙලා තියෙන්නේ
දැන් ඔක්ටේන් 95 සහ සුපිරි ඩීසල් අලෙවිය අඩියටම වැටිලා. ඒකයි අඩු කලේ. කාංචන ව්‍යාපාරය කළු කඩයක් වෙලා. අසීමිත ලාබ ලබනවා විතරක් නෙවෙයි ලාබය හෙළි නොකරන තත්ත්වයකට පත්කරල. මුන්ට හෙන වදින්නේ වැහැ නැති වෙලාවට.
දොස්තරලට විතරක් දුන්න රු. 35,000 දීමනාව හොයා ගන්න එපැයි. මසෙකට රු. මිලියන 700 ක් ඔනි. අහින්සක අපිට තමා තට්ටු වෙන්නෙ
පෙට්‍රල් ලීටරය දාහට ගියත් මොකද අප්පා දැන් පෝලිම් නැහැනේ... ගන්න අතේ සල්ලි නැතිනම් මහ බැංකුවත් කඩාපල්ලා...!
ඉතාම කාලෝචිත තීරණයක්... රටේ කරත්ත නිෂ්පාදනය වැඩිකොට ජනතාව කරත්ත භාවිතයට යොමුකළ යුතුයි... කරත්තයට බඳින්න සුදුසු ගවයින්ගේ අඩුවකුත් නැහැනේ මේ රටේ...!