(යොහාන් භාසුර සහ සුජිත් හේවාජූලිගේ)
ඉන්ධන ලීටරයක් දැනට අළෙවි කරන මිලට වඩා රුපියල් 200 ක් අඩු මිලකට ජනතාවට ලබාදීමේ හැකියාව ඇති බවත් ඉන්ධන ලීටරයක සත්‍ය ආනයනික වියදම රුපියල් 300 ට වඩා වැඩි නොවන බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (7) පැවසීය.
ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන ආනයන පිරිවැය වැඩියෙන් ඉන්ධන මිල සූත්‍රයට ආදේශ කර ඇති බවත් මෙම මිල වැඩියෙන් පෙන්වීමෙන් ඉන්ධන පිරවුම්හල්වලට ලබාදෙන මුදල ද වැඩියෙන් ගණනය වන බවත් රත්නායක මහතා සඳහන් කරයි.
ඛනිජ තෙල් සංස්ථාව බොරතෙල් බැරලයකට ඩොලර් 72.50 කට මිලදී ගෙන ඇත්නම් ලෝක වෙළෙඳපොලේ ඩොලර් 200 ක් වුවත් එහි වැඳගත්කමක් නොමැති බව කී රත්නායක මහතා පෙට්‍රල් බැරල්යක් ඩොලර් 171 ක් යැයි කීව ද ඔක්ටේන් 92 පෙට්‍රල් ඩොලර් 100 ට ආනයන කර ඇති බව ද සඳහන් කළේය.
ඔක්ටේන් 95 පෙට්‍රල් ඩොලර් 103 ට, ඔටෝ ඩීසල් ඩොලර් 112 ට, සුපිරි ඩීසල් ඩොලර් 115 සහ භූමිතෙල් ඩොලර් 105 ට ලෙස ආනයන කර ඇති බවත් ආනයන කළ වටිනාමක අනුව ඉන්ධන මිල ගණනය කළ යුතු බවත් රත්නායක මහතා කීය.
මෙම ගණනය කිරීමේදී බදු ආදායම අහිමිවී තෙල් සංස්ථාවට රුපියල් 200 ක් ලැබෙන බව කී රත්නායක මහතා සඳහන් කළේ අවසානයේ ඉන්ධන මිලදී ගැනීමට ද මුදල් නොමැති බවත්ය.
මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එසේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ආණ්ඩුවෙන් ඔය සහන ලැබෙන්නේ නැහැ. මේ ආණ්ඩුව පන්නපු දවසක සහන ලැබෙයි...!
ජනක රත්නායක මහත්මයාට මාගේ ගෞරවනීය ප්‍රණාමය! ඔබ වැනි වැදගත් රාජ්‍ය නිලධාරීන් ලංකාවේ ඉන්නේ අතළොස්සයි. හැකිනම් ජනතාව අතරට විත් මේවා තව අනාවරණය කරන්න. ඒ වගේම මේ රටේ ගෑස් අර්බුධයටත් හිටපු මුදල් ඇමති හා ඇවන්ගාඩ් හොරුන් මෙන්ම මේ රජය සම්පූර්ණයෙන්ම වගකිව යුතුයි. සියලුම ක්ෂේත්‍රයන් මාෆියා කල්ලි වෙත පවරාදීමට කටයුතු කර ඇති වත්මන් ජනාධිපතිවරයා ඔය තනතුර හොබවන තාක්කල් මේ රටට අනාගතයක් නැහැ. ඒ වුණාට මම නම් කියන්නේ කොහෙවත් සිටි නරියෙකුට සිංහ වෙස් පෙරෙව්ව නුඹලාට ඔහොම වෙලා මදි කියලයි...
හීනෙන් බයවෙලා ඇහැරිලා වගේනෙ මෙයාගේ කතාව... ඇයි මේ තරම් දවසක් බඩ උලාගෙන බකන් නිලාගෙන හිටියේ... එක වරදයි කිව්වේ... මෙයාට ඩෝන් ගිහිල්ලා... රට හදන්න නම් මේ වගේ මිනිස්සු සේරම අයින් කරලාම දාන්න ඕනෑ...
නිකන් පට්ටපල් බොරු කියන්න එපා...
ස්තුතියි..! හොඳ දෙයක්..!
හීනෙන් බයවෙලි ඇහැරිලා වගේනේ මෙයාගේ කතාව... මෙපමණ දවසක් බඩ උලාගෙන බකන් නිලාගෙන හිටියේ ඇයි කියලා දන්නේ නැහැ.. මෙයාට විරුද්ධ වුණා විතරයි, ඩෝන් ගිහිල්ලා.. කප්පරක් බොරු ඇද බානවා.