
ඉන්ධන පිරවුම්හල්වලින් කැන්වලට ගන්නා ඉන්ධන ග්‍රාමිය ප්‍රදේශවලට රැගෙන ගොස් වැඩිමිලට අලෙවි කරන බව බොහෝ පිරිස් පවති.
දඹුල්ල නගරයේ ඉන්ධන පිරවුම්හල් රැසක වාහනවලට සහ කෑන් වලට ඉන්ධන ලබා දීම සීමාකොට විශාල බැරල්වලට ඉන්ධන දෙන බව ජනතාව චෝදනා කරති.
එම ඉන්ධන ග්‍රාමිය ප්‍රදේශවලට රැගෙන ගොස් වැඩි මිලට අලෙවි කරයි.
මේ සම්බන්ධයෙන් ඉන්ධන පිරවුම්හලේ කළමනාකරුවන් සඳහන් කළේ වෙනත් දිනවල එක දවසකට ඉන්ධන බව්සර් එකක් හෝ දෙකක් අලෙවි වුවත් මේ දිනවලට වැඩි ප්‍රමාණයක් අලෙවි වීම මෙම ඉන්ධන අර්බුදයට මුල බවයි.
යන්ත්‍රසූත්‍රවලට බව පවසමින් විශාල බැරල්වලට ඉන්ධන රැගෙන යන අයුරු දැක ගත හැකි විය.
කෙසේ වෙතත් බොහෝ දෙනා සඳහන් කළේ ග්‍රාමීය ප්‍රදේශවලට රැගෙන ගොස් සහ මාර්ගයට රැගෙන ගොස් වැඩි මිලට ඉන්ධන අලෙවි කිරීමේ ක්‍රමවේදයක් රට තුළ ක්‍රියාත්මක වන බව ය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිසුන් අවස්ථාව බලබලා ඉන්නේ තිරිසනුන් මෙන් හැසිරෙන්න.
සියලු හොරමැරකම් පිටුපස දේශපාලුවන් ඇත. තම බඩ වඩාගැනීම දේශපාලුවන්ගේ සම්ප්‍රදායයි.
ප්‍රමාණවත් තරම් ඉන්ධන තිබුණේ නම් මෙවැනි අකටයුතු ක්‍රියාත්මක වෙන්නේ නැහැ.
මෙය ඇත්ත කියලා හිතෙනවා.. මගේ යාළුවෙක් දවසක් ඔහුගේ වත්තට යන්න ත්‍රිරෝද රථයට ඩීසල් නැතුව එක ගමක ගෙදරකින් වැඩිමිලට ඩීසල් ලබාගෙන ගියා කියලා ආරංචියක් ලැබුණා. මේ නිසා එහෙම විකුණන ස්ථාන වැටලීම කළොත් හොඳයි. මෙය ගම්වල සිටින සංවර්ධන නිලධාරින් හරහා තොරතුරු ලබාගැනීමෙන් හා ජනතාවට ඔත්තු සැපයීම බාරදීමෙන් කළහැකියි.
වහාම ඉන්ධන මිල රුපියල් 100කින් අඩුකරපල්ලා... එතකොට මේ කාලකණ්ණි ටික යාවි...