
(යොහාන් භාසුර)
සිපෙට්කෝ ඉන්ධන මිල අද අලුයම සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධයන කර ඇත.
ඒ අනුව ලංකා ප්‍රෙට්‍රල් ඔක්ටේන් 92 රුපියල් 20කින් ඉහළ දමා ඇත. ඒ අනුව නව මිලර රුපියල් 366කි.
ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියයල් 38කින් ඉහළ දමා ඇති අතර නව මිල රුපියල් 464කි.
ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 29කින් ඉහළ දමා ඇති අතර සුදු ඩීසල් ලිටයක නව මිල රුපියල් 358කි.
ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 41කින් වැඩි කර ඇති අතර නව මිල රුපියල් 475කි.
භූමිතෙල් මිල ද රුපියල් 11කින් සංශෝධනය කර ඇති අතර එහි නව මිල රුපියල් 236ක් බවට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2024 නව වසරට සීපෙට්කෝ මුලින්ම අසිරි පතයි. තක්කඩි දේශපාලනයෙන් 2024 තොර වේවා
එහෙම වුනාට මිනිස්සු හිතාගෙන හිටියෙ ලොකු ලොකු ගණන් වලින් වැඩෙවේවි කියලා තමයි දැන් බැලුවම එහෙම පේන්නෙ නැහැ ඔය විදියට නම් භාණ්ඩ හා සේවා මිල එතරම් ලොකු ගණනක් වැඩිවෙන්න බැහැ
අනේ ඉතින් අපි සැමටම දෙයියන්ගෙම පිහිටයි.
මේ ආණ්ඩුවේ මන්ත්රිලාට,ඇමතිලාට,අගමැතියට,ජනාධිපතියට ,නැති ලෙඩ හැදිලා ,උන්ගේ ගෑනු , දරුවන් ඔක්කොටම පනුවෝ ගහලා දුක් විඳලා විඳලා මැරියන් ! මුන්ට හෙන හතම වැදියන්.
රජයේ අනවශ්‍ය නිලධාරීන් අඩු කරන්නේ නැතුව ,නාස්තිකාර වියදම් කපා හරින්නේ නැතුව , බදු පමණක් ඉහල දැමීම අනුමත කරන්න බැහැ
යහපත් පාලකයෝ රටට බිහිවෙන නව වසරක් වේවා
ලැබුවාවු නව වසර රට විනාශකර බංකොලොත් භාවයට පත්කල දූෂිත පාලක කල්ලී පන්නා දමා ජනතා හිතවාදි හා දේශහිතෛහී පාලනයක් ලක් පොලව මත ස්ථාපිත කීරීමට ලක්වාසි සියලු ජනතාවට ධෛර්‍ය් ශක්තිය හා අවබෝධය ලැබේවායි පතමි.
ඔයගොල්ලන්ට ආණ්ඩුව කරගන්න බැරිනම් පුළුවන් කෙනෙකුට කරගන්න දීල ගෙදර යන්න. වහාම මැතිවරනයක් කැදවා සුදුසු අයට රටේ පාලනය භාරදෙන්න.
ඔන්න උදේම ආණ්ඩුව දුන්න නිව්යර් ගිෆ්ට් එක ,අපිට මතක් වෙනවා මුන්ගේ ..................අපේ මුළු අවුරුද්දම ඉවරයි .කාලකන්නි
රනිල් මහත්තයාගෙන් ජෙප්පන්ට අම්බානකට කන්නවෙන පට්ට ආතල් අවුරුද්ක් වේවා.
කවුරුත් හිතාගෙන ඉන්නව නම් මේ බදු නිසා වෙච්ච වැඩිවීමක් කියල ඒක ලොකු වැරදි වැටහීමක් , මේ සාමාන්‍ය වැඩි විම. වැට් එකට වැඩි වීම අලුතින් එන බඩු වලට, එතකොට මේකෙ ලොකු වැඩිවීමක් නැහැ කියපු අයට මුහුදට පනින්න වෙනව.
බදු අයකිරීම සාධාරණ විය යුතුයි. සෑම දෙයකින්ම පීඩාවට පත් වෙන්නේ එක කොටසයි. පිටරට ඉඳන් එද්දී රිසි සේ බදු නොගෙවා දුරකථන ගේනවා. විදුලි සංදේශ නියාමන කොමිසමට, එක රැයින් ජංගම දුරකථන ජාලවලට සම්බන්ධ වෙලා තියන හොර පාරෙන් රටට ආපු දුරකථන හඳුනා ගන්න පුළුවන්. ඒත් කරන්නේ නෑ. දුප්පත් මනුස්සයෙක් දුරකථනයක් ගන්න දාස් ගාණක් බදු ගෙවන්න ඕනෑ. මේ අසාධාරණ කම් තියනකං රටට හරි යන්නේ නෑ...!
සෑම දෙයකම සමබර බවක් තියෙන්න ඕනෑ. වාහන ගේන්න දෙන්නේ නැති හින්දා එක කොටසක් හිතේ හැටියට සල්ලි හොයනවා. ජපානයෙන් පරණ වාහන ගෙනත් පස් හය ගුණයක් බදු ගැහුවත් මීට වඩා වාහන මිල අඩුවෙනවා. ලැබෙන බදු ආදායමෙන් මිනිස්සුන්ට සහනයක් දෙන්න තිබ්බා. රජයේ හැම තීරණයකින්ම එක කොටසක් අන්ත පෝසත් වෙනවා... තව කොටසක් අන්ත දුප්පත් වෙනවා...!
මේ බදු ගහන්නේ අනිත් රටවල වගේ අපේ ජිවන තත්වේ උසස් කරන්න නෙමෙයි , රටක ආර්ථික කළමනාකරණ කරන්න දන්නේ නැති රනිල් ල මහින්දලා හැරෙන හැරෙන අතට ගත්ත ණය අපහු ගෙවන්න සල්ලිඑකතු කරගන්න