(යොහාන් භාසුර)
ඉන්ධන මිල පහත දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද (17) පස්වරුවේ පියවර ගත්තේය.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් සහ ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 20 කින්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් සහ සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 10 කින් පහත දමා තිබේ.
එම මිල සංශෝධනයත් සමඟ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 450 ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 540 ක්, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 440 ක් සහ සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 510 ක් දක්වා පහත වැටුණි.
එම මිල පහත දැමීම අද රාත්‍රී 10.00 සිට ක්‍රියාත්මක වන බව ද ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.
ඉන්ධන මිල සූත්‍රයේ පසුගිය සති දෙකේ ගැළපීම් අනුව මෙම මිල පහත වැටීම සිදුවූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සීනිබෝල දීලා පොඩි ළමයි දවස් කීපයකට රවට්ටන්න වගේ හදන්නේ..! බලේ ගන්නකන් තමයි ඔක්කොම හුරතල්...
වැඩ බලන උන්නැහේගේ තවත් එක විහිළුවක්...! වැඩිකරද්දී ලොකුගණන්වලින්. අඩුකරන්නේ සොච්චම් ගණන් වලින්..
මහජන උපයෝගිතා කොමිසමෙහි සභාපති ජනක රත්නායක මහතා කෝප් කමිටුවේදී මෙන්ම මෙම ඉරිදා ලංකාදීප පුවත්පත සමග කළ සාකච්ඡාවෙන් සඳහන් කර තිබූ අන්දමට ඩීසල් සහ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 200 කින් අඩුකිරීමේ හැකියාවක් පවතින්නේ නම් එම මිලට ඉන්ධන ලබාදීම පිණිස ඛනිජතෙල් සංස්ථාව පියවර ගත යුතුයි. ජනක රත්නායක මහතා පෙන්වා දෙන අන්දමට, ජනතාවට පීඩාවක් වන අන්දමින් පවතින ඉන්ධන මිල ගණන් වහාම අඩු කිරීම කෙරෙහි වැඩබලන ජනාධිපති සහ අමාත්‍ය මණ්ඩලයේ කඩිනම් අවධානය යොමු කිරීම විය යුතුයි...!
සොච්චමක් අඩුකරලා ගොඩයන්න හදනවා... තණ්හාය ජායතී සෝකෝ... වෙන මොනවා කියන්නද?