(යොහාන් භාසුර)
ඉන්ධන මිල ලබන වසරේ සිට දෛනිකව ස්වයංක්‍රියව සංශෝධනය කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේස්කර මහතා අද (13) පැවසීය.
ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමයේ සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා එසේ පැවසීය.
ඉන්ධන බෙදුම්කරුවන්ගේ අළෙවි මුදල් පිළිබඳව ක්‍රියාත්මක වන නඩු කටයුතු සමතයකට පත් කර ගැනීම, නව ඉන්ධනහල් ඉදිකිරීමේ කටයුතු සහ ලිහිසි තෙල් අළෙවිය කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කළ බව අමාත්‍ය කංචන විජේස්කර මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්තය වැනි රටකදී අප ද මෙය අත්දැක ඇත. ෂෙඩ් එකට ගියාමයි එදිනට අදාළ තෙල්මිල ගැන දැන් ගන්නට ලැබෙන්නේ. අපේ බොහෝදෙනෙක් එංගලන්තය වැනි "දියුණු" රටක් බවට ශ්‍රී ලංකාවත් පත්කර ගැනීමට දත කන නිසා එහි එක පියවරක් ලෙස මෙය සිදු කරන්නට ඇතැයි සිතා හිත සතුටුකර ගන්න...
පිස්සු හැදිලා වෙන්නැති...
අපේ මිල සූත්‍රෙය් ක්‍රියාත්මක වෙන්නේ තෙල් මිල අඩුවුණොත් පමණයි.
ජනතාව පීඩාවට පත්කිරීමේ අලුත්ම උපක්‍රමය...
ඒ කියන්නේ දවස ගානේ, තෙල් මිල වැඩිවෙන එකද?
මේ ක්‍රමය තමයි මුළු යුරෝපෙම තියෙන්නේ. මේක තමයි වෙන්න ඕනෑ. මේ ක්‍රමය ගැන අංශු මාත්‍රාවක්වත් නොදන්න අයට. මැජික් එකක් තමයි.
විදේශීය රටවල් සමග කිසිම දෙයක් සන්සන්දනය කරන්න බැහැ. ලංකාවේ රජයේ හා පෞද්ගලික සේවකයින් වැටුප් හා දීමනා ඉතා අඩුයි. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලැබුණු බැංකු පොලිය 50% කින් අඩුවුණා. කරුණාකරලා මිනිසුන්ගේ ජීවන තත්ත්වය පිළිබඳ සමාජ සමීක්ෂණයක් කරන්න...!
අපි කඩේකට ගියාම භාණ්ඩයක මිල කුමක් ද කියන එක එදිනෙදා තමා දැන ගන්නේ, මාළු වෙළෙන්දා ගාවට ගියත් එහෙමයි. ඉතින් මේ ක්‍රමවේදයේත් එහෙමට වෙනසක් නැහැ. මෙතැන ගැටළුව ඛනිජතෙල් මිල සමඟ රටේ අනිකුත් භාණ්ඩ හා සේවා බහුතරයක මිල ගැට ගැසී තිබීමයි. ඒ නිසා මාසිකව ඉන්ධන මිල සංශෝධනය කිරීමේ ක්‍රමවේදය තමයි අප රටට සුදුසු... මාස අවසානයට ආසන්නයේදී ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ චකිතය නිසා ඉන්ධන ඇණවුම් නොකිරීමට පිළියමක් යෙදීමයි කළ යුත්තේ...
දිනෙන් දිනට පමණක් නොවෙයි ෂෙඩ් එකෙන් ෂෙඩ් එකටත් ඉන්ධන ප්‍රවාහනය වන දුර අනුව මිල වෙනස් විය යුතුයි....
නොරොච්චෝලෙට චයිනීස් ස්ටාෆ් ගේන සීන් එකේදි මෙයා නිහඬයිනේ...