(යොහාන් භාසුර)
ඩීසල් සහ ඔක්ටේන් 92 පෙට්‍රල් ඇතුළු ඉන්ධන වර්ග තුනක මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පැවසීය.
ඒ අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 27 කින්, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 10 කින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 2 කින් අඩු කළ බවත් එම මිල පහළ දැමීමත් සමඟ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 329 ක්, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 346 ක් සහ භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 247 ක් බවට පත්වූ බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේය.
ඔක්ටේන් 95 පෙට්‍රල් සහ ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 3 බැගින් ඉහළ දැමූ බවත් එම මිල වැඩි වීමත් සමඟ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 426 ක් සහ ලංකා සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 434 ක් දක්වා ඉහළ ගිය බවත් ඛනිජ තෙල් සංස්ථාව වැඩි දුරටත් කීය.
පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා හයක සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව නම් කළ මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහ
ශ්රී ලංකා ආහාර විද්‍යා සහ තාක්ෂණ ආයතනය පිහිටුවීම සඳහා වන පාර්ලිමේන්තු පනත සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
වත්මන් පච ආණ්ඩුව පරාජයට පත්කිරීම සදහා සමගි ජනබලවේගය ඇතුළු ස්වාධීන පක්ෂ සමග සාකච්ඡා කිරීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්
ක්‍රීඩා අමාත්‍යාංශයේ මළල ක්‍රීඩා පුහුණුකරුවන් දෙදෙනකු අතර වූූ ගැටුමකින් ශ්‍රී ලාංකික මලල ක්‍රීඩා පුහුණුකරු පහර කා රෝහල් ගතව ඇතැයි කුරුඳුවත්ත පොලිස
සර්වේයර් ජනරාල් තනතුර සඳහා පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්රී ලංකා විදුලි සංදේශ නියාමන පනත උල්ලංඝනය කරමින් එම කොමිෂමේ අනුමැතියෙන් තොරව , රුපියල් කෝටියක් වටිනා අති නවීනතම ජංගම දුරකථන තොගයක් නීතිවිරෝධී ලෙස ම
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රියේ සිට වෙනස් වේ
ලාල් Friday, 01 December 2023 03:10 AM
සප්‍රයිස් වුණා. ඊළඟට දෙසැම්බර් 31 රෑ ආයේ උඩයනවා... ඔය වගේම ඩබල්...
දාස Friday, 01 December 2023 05:10 AM
මේවා මිනිස්සුන්ට දැනෙන්නේ නැහැ.. මේ පාලනය මේ ක්‍රමය වෙනස්විය යුතුමයි...!
Bamunuarachchi Friday, 01 December 2023 06:03 PM
දාස අපි ලේ සැලෙන විප්ලවයක් කරමු. එතකොට තව අවුරුදු හැටක් ගස් බැඳලා තියෙන්න පුළුවන්...!
Bamunuarachchi Friday, 01 December 2023 05:15 AM
මොන ජංජාලයකට ලැහැස්ති වෙනවද දන්නේ නැහැ...!
sara Friday, 01 December 2023 12:18 PM
ඇමති කලින් කිවුවේ ඛනිජ තෙල් සංස්ථාව ඉන්දියන් ඔයිල් සමාගම, සයිනොපෙක් සමාගම හොද තරගකාරිත්වයක් ඇති වෙයි කියලා නමුත් එහෙම කිසිම දෙයක් වෙලා නැහැ ඔක්කොම ඒවා වල එක සමානයි, මේකෙන් උනේ ආණ්ඩුවේ ලොකු ලොකු එවුන් මේ සමාගම් වලින් ප්‍රකෝටි ගණන් අල්ලස් අරගෙන පිටරට බැංකු වලට ඒ සල්ලි පොම්ප කරපු එක විතරයි
de silva Friday, 01 December 2023 07:20 PM
කෝ අර ඇමැති කීව තරගකාරී මිල...?