
(යොහාන් භාසුර)
ඩීසල් සහ ඔක්ටේන් 92 පෙට්‍රල් ඇතුළු ඉන්ධන වර්ග තුනක මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පැවසීය.
ඒ අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 27 කින්, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 10 කින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 2 කින් අඩු කළ බවත් එම මිල පහළ දැමීමත් සමඟ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 329 ක්, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 346 ක් සහ භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 247 ක් බවට පත්වූ බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේය.
ඔක්ටේන් 95 පෙට්‍රල් සහ ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 3 බැගින් ඉහළ දැමූ බවත් එම මිල වැඩි වීමත් සමඟ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 426 ක් සහ ලංකා සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 434 ක් දක්වා ඉහළ ගිය බවත් ඛනිජ තෙල් සංස්ථාව වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සප්‍රයිස් වුණා. ඊළඟට දෙසැම්බර් 31 රෑ ආයේ උඩයනවා... ඔය වගේම ඩබල්...
මේවා මිනිස්සුන්ට දැනෙන්නේ නැහැ.. මේ පාලනය මේ ක්‍රමය වෙනස්විය යුතුමයි...!
මොන ජංජාලයකට ලැහැස්ති වෙනවද දන්නේ නැහැ...!
ඇමති කලින් කිවුවේ ඛනිජ තෙල් සංස්ථාව ඉන්දියන් ඔයිල් සමාගම, සයිනොපෙක් සමාගම හොද තරගකාරිත්වයක් ඇති වෙයි කියලා නමුත් එහෙම කිසිම දෙයක් වෙලා නැහැ ඔක්කොම ඒවා වල එක සමානයි, මේකෙන් උනේ ආණ්ඩුවේ ලොකු ලොකු එවුන් මේ සමාගම් වලින් ප්‍රකෝටි ගණන් අල්ලස් අරගෙන පිටරට බැංකු වලට ඒ සල්ලි පොම්ප කරපු එක විතරයි
කෝ අර ඇමැති කීව තරගකාරී මිල...?