IMG-LOGO

ඉන්ධන මිල අඩු වැඩි වේ

(යොහාන් භාසුර)

ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක් රුපියල් 15 කින් සහ ලංකා භූමිතෙල් ලීටරයක් රුපියල් 50 කින් අද (31) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කළ බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මහතා අද රාත්‍රී පැවසීය.

ඒ අනුව ලංකා ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 318 ක් ද, ලංකා භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 245 ක් බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ලංකා කාර්මික භූමිතෙල් ලීටරයක මිල රුපියල් 60 කින් අඩු කළ බවත් කාර්මික භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 270 ක් බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීය.

ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියල් 20 කින් ද, ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් ද, ඉහළ දැමූ බවත් පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක නව මිල රුපියල් 385 ක් සහ සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 340 ක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 310 ක තව දුරටත් පවතී.

 



අදහස් (2)

ඉන්ධන මිල අඩු වැඩි වේ

චන්දන Thursday, 01 June 2023 08:01 AM

ආණ්ඩුවේ මොලේ ඇති එවුන් නෑ. එක්කො විනාශකාරි අදහස් තියෙන එවුන් ඉන්නව . වාහන වලට හොඳ 92 වඩා 95 පෙට්‍රල් . වාහනේ ගැන හිතනවනම් 95 මිල අඩු කරන්න ඕන . එකක අඩු කරල අනෙක වැඩි කරන්නේ මොන තියරියටද. සුදු සහ දුඹුරු සීනි වගෙ තමා. ඉතිං රටක් හැදෙයිද.

:       7       15

සසර Thursday, 01 June 2023 09:15 AM

රජය අපට මිල සූත්‍රය දෙන්නේ නැත. ගණිත ඇදුරනි, මිල සූත්‍රය සෑදෙන් ශ්‍රිතය රටට ලබා දෙන්න .

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 480 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 641 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 264 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site