
(මහින්ද නිශ්ශංක සහ කීර්ති ප්‍රනාන්දු )
ඉන්ධන මිල අඩු වූවාට පාන් ඇතුළු බේකරි නිෂ්පාදන වල මිල දැන්ම අඩු කළ නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පවසයි.
මීට පෙර ඉන්ධන මිල වැඩි වුණු අවස්ථා වලදී සහ අඩුවුණු අවස්ථාවලදී බේකරි නිෂ්පාදන වල මිල වැඩි හෝ අඩු නොකළ බව ප්‍රකාශ කළ ඒ මහතා එළැඹෙන සිංහල අවුරුදු සමය වන විට ඉන්ධන මිල තවත් අඩු වී ආනයනික බිත්තර හිඟයක් නොමැති ව බේකරි වලට ලැබෙන්නේ නම් එම සහනය සිංහල අවුරුද්දට ජනතාවට ලබාදීම සඳහා පාන්, කේක් ,ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල අනිවාර්යෙන්ම අඩු කරන බවද පැවසීය.
බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමට තරම් මෙවර ඉන්ධන මිල සංශෝධනය වී නොමැති බවත් බේකරි කර්මාන්තයේ දී ඩීසල් ,පෙට්රල්, භූමිතෙල්, ගෑස් සහ දර උපයෝගී කර ගන්නා බවද පැවසූ ජයවර්ධන මහතා දිනකට බේකරි වලට පමණක් බිත්තර ලක්ෂ හතළිහක් පමණ සහ ඉන්ධන විශාල ප්‍රමාණයක් අවශ්‍ය වන බවද කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්ධන මිළ අඩු කරන්නේනම් එයට සාපේක්ෂව ප්‍රවාහන සේවයේ යෙදීසිටින කණඩායම් වෙත මිළ ( 3 wheel සහ වෙනත් ප්‍රවාහන සේවා අඩුකලයුතු % )අඩු කල යුතුවන්නේ කෙසේද සහ අවශ්‍ය කලයුතු නිර්ණායක රජය විසීම ඉදිරිපත් කරන්න. එසේ නොමැතිව රජය මිල අඩුකළ පමණින් ඔවුන් මිල අඩු කිරීමක් සිදු නොවේ සහ 3 wheel සහ වෙනත් ප්‍රවාහන සේවා අඩුකලයුතු % එදිඅන්ම සිදුකල හැකි උවත් වෙනත් පාන් බනිස් අඩු කිරීමට දින 2ක් කාල සීමාවක් ලබා දීම සුදුසුවේ. එයට හේතුව ඔවුන් වියදම් සියල්ල පරණ මිලට සාපේක්ෂව කර කල නිසාවෙනි.
අපි පාරිභෝගික ජනතාව සියල්ලෝම එකතුව බේකරි නිෂ්පාදන වර්ජනය ක්‍රියාත්මක කිරීම හැර වෙන විකල්පයක් නෑ වර්ජකයන්ට මහජන සහාය නෑ වගේම මහජනතාව පීඩාවට පත්කරන අය කොන්වෙනවා.
ඉන්දන පමණක් නොවේ පාන්පිටි පවා අඩුවී ඇති මොහොතේ අඩු කරන්න බෑ වැඩි වෙනකොටනම් වැඩි වෙනවා රොකට් වගේ. ආණ්ඩු වලට කලින් මේ කාලකන්නි වෙලොන්දෝ පන්නන්න ඕනේ.