(යොහාන් භාසුර)
ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ ඉන්දියන් ඔයිල් සමාගම ඉන්ධන පිරවුම්හල් හිමියන්ට දෙන කොමිස් මුදල සියයට 3 ක කොටස සියයට 1 ක් දක්වා අඩු කිරීම හේතුවෙන් ඉන්ධන බෙදුම්කරුවන් ඒකාබද්ධව ඇනවුම්කිරීම අත්හිටුවීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.
ලංකා ඛනිජ තෙල් සංස්ථාව පාඩු ලැබීම හේතුවෙන් මෙසේ කොමිස් මුදල අඩුකර ඇතැයි දැනගන්නට තිබෙන බව කී ඉන්ධන බෙදුම්කරුවන්ගේ නියෝජිතයෙක් පැවසුවේ පාඩුව අවම කරගැනීමට බෙදුම්කරුවන්ගේ කොමිස් මුදල අඩු කිරීම අසාධාරණ බවත්ය.
ඉන්ධන බෙදුම්කරුවන් ඉන්ධන තොග ඇනවුම් නොකිරීම හේතුවෙන් ජනතාවට ඉන්ධන නොමැති තත්වයක් ඇතිවිය හැකි බවත් මෙම තත්වයෙන් ජනතාව තව දුරටත් අපහසුතාවට පත්වනු ඇති බවත් ඉන්ධන බෙදුම්කරුවෝ පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෙල් මිල තුන් ගුණයකින් ඉහළ දමලා තවත් වැසි ලබන්න බෙදුම්කරුවන්ට දෙන කොමිස් මුදල 1/3 කරලා... මේකත් කාංචන මහදැනමුත්තගේ තවත් ක්‍රියාවක් වගෙයි.
කොතන හරි ප්‍රශ්නයක්!!! මොන ක්ෂේත්‍රය ගත්තත් එහෙම තමයි.
පොහට්ටුව ඉන්නකම් රට බන්කලොත් තමයි..ජාතිවාදෙයන් රට කරන්ඩ බෑ.