(කාංචන කුමාර ආරියදාස)

කිරි ගවයන් 50ක් පාලනය කරන තරුණ ගොවි මහතකු ඉන්ධන ලබා ගැනීම සඳහා තමන්ට පෝලිමේ සිටීමට නොහැකි නිසා කිරි එළ එළදෙනකු ඉන්ධන පෝලිමේ ගැටගසා අනෙක් සතුන්ගේ ආහාරපාන සහ අවශ්‍යතා ඉටුකර  පුවතක්  දඹුල්ල නගරයෙන් වාර්තා විය.

දඹුල්ල අතුපාරයාය ප්‍රදේශ්යේ පදිංචි ආර් .එම් .රත්නායක නැමැති තරුණ කිරි ගොවි මහතා මෙම කිරි එළදෙනගේ පිටේ තම යතුරුපැදියේ අංකය ලියා කිරි එළ එළදෙන පෝලිමේ තබා තිබේ.

දඹුල්ල විවිධ සේවා සමුපකාර සමිතියට අයත් ඉන්ධන පිරවුම්හලේ පෙට්‍රල් පෝලිමේ මෙම ගවයා බැඳ තිබේ.

තරුණ කිරි ගොවි මහතා කියා සිටියේ දින ගණනාවක් තමන් ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිමේ සිටිය ද එහෙත් ඉන්දන ලබා ගැනීමට නොහැකි වූ බව ය .

කෙසේ වෙතත් ප්‍රාදේශීය ලේකම්වරයාටත් පොලීසියටත් ඉන්ධන පිරවුම්හලේ කළමනාකාරවරයාටත් ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිම්වල රැඳී සිටින මහජනතාවටත් තමන්ට සිදුව ඇති අකරතැබ්බය ගැන දැනුවත් කළ බව හෙතෙම සඳහන් කළේ ය