(යොහාන් භාසුර)
වෘත්තිය ත්‍රීරෝද සහ සෙසු අත්‍යවශ්‍ය සේවා හැර සෙසු සියලුම පෞද්ගලික රථවලට අංක තහඩුවේ අවසන් අංකය අනුව ඉන්ධන ලබාගැනීමට ක්‍රවේදයක් සකස් කිරීමට යෝජනා වී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.
අවසන් ඉලක්කම් අනුව ඉන්ධන ලබාගැනීමට දින දෙකක් හෝ තුනක් ලබාදීමට සිදුවිය හැකි බවත් මෙම ක්‍රමය ක්‍රියාත්මක කිරීමෙන් දැනට පවතින පෝලිම්වලින් තුනෙන් දෙකක් අඩු කිරීමට බලාපොරොත්තු වන බවත් අමත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිනපතාම පිරවුම්හල් වලට තෙල් ලැබනවා නම් මේ ක්‍රමය වඩා සුදුසු වේවි. දවස් දෙකක්, තුනක් පෝළිමේ ඉන්න වුණාම කොහොමද විසඳන්නේ...?
මේ ක්‍රමය සාර්ථක වෙන්න නම් සියළු රථවාහනවලට මේ අංකන ක්‍රමවේදය ක්‍රියාත්මක කළ යුතුයි. යම්කිසි කොටසක් නිදහස් කළොත් නැවත පිරවුම්හල් අසළ දිගු පෝලිම් ගැහෙනවා. ඒ වගේම සතියකට දින 2ක් ප්‍රමාණවත්... වාහන වර්ගය අනුව ලබාදෙන ඉන්ධන ප්‍රමාණය සීමා කිරීමයි කළයුත්තේ...!
ආයෙ තෙල් නැවක් එන්නේ කවදාද කියලාවත් දන්නේ නැතිව තෙල් බෙදන්නේ කොහොමද කියලා නම් ටිකිරි මොළවලට අදහස් පහළ වේවා...
අමනෝඥ තීරණ... පෝලිම් අඩු කළ යුත්තේ ප්‍රමාණවත් තරම් ඉන්ධන සපයලා, නැතිව ලබාදෙන ඉන්ධන ප්‍රමාණය දැඩි ලෙස සීමා කළා නෙවෙයි. 2022 පෙබරවාරි වනතුරු අපට, අපේ අවශ්‍යතා අනුව ඇතිතරම් ඉන්ධන ලබාගැනීමට හැකියාව තිබුණා. මේ ගොන් ආණ්ඩුව එකත් නැතිකළා...
පෝලිමට සෙට් වෙන දවසද සලකන්නේ සෑර්?
වැඩක් නැහැ... අපි දන්න දේවල් දන්නේ නැහැනේ...!
දැනටත් පෝලිම් වල 95%ක් ඉන්නේ ත්‍රි-වීල්නේ, පෝලිමේ පදිංචි වෙලා ඉන්නේ... ත්‍රිවිල් වලට කොච්චර තෙල් දුන්නත් ඉවරයක් නැහැ. අනිත් මිනිස්සුන්ට තෙල් ගහන්න අවස්ථාවක් නැහැ.