IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ඉන්ධන ප්‍රශ්නය මන්ත්‍රීවරුන්ටත්

(සුජිත් හේවාජුලිගේ )

ඉන්ධන ප්‍රශ්නය නිසා විශේෂයෙන්ම ඈත දුර බැහැර ප්‍රදේශවල මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගිවීම සඳහා මේ සතියේ පැමිණීමද ගැටළුකාරීවී ඇතැයි වාර්තාවේ.

මේ ප්‍රශ්නය  පිළිබඳව ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ   මන්ත්‍රීවරුන් පිරිසක්  දැනටමත් කතානායකවරයාගේ අවධානයට  යොමු කර ඇතැයි  පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

මන්ත්‍රීවරුන් පිරිසක්  මේ පිළිබඳව හෙට (22) පාර්ලිමේන්තු රැස්වීමේදීද  අදහස් දැක්වීමට නියමිතය.

මේ අතර  මැති ඇමැතිවරුන් රැසක්ද  සිය වාහනවලට ඉන්ධන ලබා  ගැනීම සදහා පසුගිය දින කිහිපයේදී  දිවයිනේ විවිධ ප්‍රදේශවල  ඉන්ධන පෝලිම්වලට එක්වී සිටි බව  වාර්තාවේ.

මෙසේ පෝලිම්වල සිට  ඉන්ධන ලබා ගෙන ඇති මැති ඇමැතිවරුන් අතර  ඩලස් අලහප්පෙරුම රාජිත සේනාරත්න, චන්දිම වීරක්කොඩි ගීතා කුමාරසිංහ මුජිබර් රහුමාන්, ජේ සී අලවතුවල, උදය ගම්මන්පිල, සහ  තුෂාර ඉඳුනිල් යන අයද වෙති .

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ  රියදුරන්ද ඉන්ධන පෝලිම්වල සිට  ඉන්ධන ලබා ගෙන ඇතැයි   පැවසේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ  කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  මුජිබර් රහුමාන් මහතා පැවසුවේ තමා මාළිගාවත්ත ප්‍රදේශයේ  ඉන්ධන පිරවුම් හලක පසුගිය සෙනසුරාදා  පැය භාගයකට වැඩි කාලයක් රැඳී සිට  සිය වාහනයට  ඉන්ධන ලබා ගත් බවයි.

මන්ත්‍රීවරුන්ට විශේෂත්වයක් දක්වා ඉන්ධන ලබා දෙන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොවන බවද ඔහු සඳහන් කළේය.



අදහස් (2)

ඉන්ධන ප්‍රශ්නය මන්ත්‍රීවරුන්ටත්

Rexi Monday, 21 March 2022 09:44 PM

ඇයි මන්ත්‍රීලට විශේෂයක්? රට කන හින්දද?

:       0       0

wicky Tuesday, 22 March 2022 09:19 AM

මිනිස්සු ඔක්කොම පොළිමේ ඉඳිද්දී, මෙයාලා කීපදෙනෙක් විතරක් පොළිමේ හිටියයි කියලා දාන්නේ ඇයි? අනික් අයට තෙල් ඉබේ පාත් වෙනවද.. ? නැත්නම් ලොකුගෙ එක්ක මෙයාලා තරහද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 565 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 720 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 301 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site