(යොහාන් භාසුර)
ජාතික ඉන්ධන බලපත්‍ර ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් රක්‍ෂණ ක්ෂේත්‍රයේ කිසිඳු ආයතනයක් විරෝධය පළකර නොමැති බවත් මෙම ඉන්ධන බලපත්‍රය හේතුවෙන් රක්‍ෂණය අවලංගු වීමක් සිදුනොවන බවත් ශ්‍රී ලංකා රක්‍ෂණ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ශ්‍රී ලංකා රක්‍ෂණ ක්ෂේත්‍රයේ සියලුම ආයතන නියෝජනය කරන ආයතනය ලෙස ශ්‍රී ලංකා රක්‍ෂණ සංගමය (අයි.ඒ.එස්.එල්.) ඉන්ධන බලපත්‍රය හේතුවෙන් රක්‍ෂණය අවලංගු වන බවට පැතිර යන තොරතුරුවල නිරවද්‍යතාවයක් නොමැති බව තහවුරු කරන බවත් ශ්‍රී ලංකා රක්‍ෂණ සංගමයේ අළෙවි හා විකුණු සංසදයේ සභාපති නාමලී ඒ සිල්වා නිකුත් කර ඇති නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකනේ, මේ අහක ඉන්න අයගේ වැඩ නිසා යම් තරමක හෝ හොඳ දෙයක් ක්‍රියාත්මක කිරීම නවත්තන එක නම් කරන්න එපා..!
අපි කිව්වේ මේක ෂෙඩ් කාරයින්ගේ උප්පරවැට්ටියක් කියලා...!
ශෙඩ් කාරයෝ සහ පොලිස් මාෆියාව සහ ත්‍රිවිල් මාෆියාව කියන හොරු තුන්ගොල්ලන්ගේ ප්ලෑන් එකක් මේක... QR කේතය නොකෙරෙන තැනට වැඩකරන්න හදන්නේ මේ අය... ඉඩදෙන්න එපා මේකට... සාමාන්‍ය ජනතාව නොමැරී තෙල් ගහන්න ඕනෑ නම් මෙයට සහාය පලකළ යුතුමයි.
ඉන්ධන මාෆියාවට වැට බැඳෙන නිසා එයාලා මේක කඩාකප්පල් කරන්න හදන්නේ...!