
(යොහාන් භාසුර)
ඉන්ධන නෞකා තුනක් මෙම සතිය තුළ කොළඹට ළගාවීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
ඩීසල් රැගත් නෞකාවක් හෙට (12) සිට 15 වැනිදා අතර කාලයේ ද, බොරතෙල් නෞකාවක් මේ මස 14 සහ 16 අතර කාලයේ ද, දැවිතෙල් නෞකාවක් මේ මස 15 සහ 17 අතර කාලයේ ද, ළගාවීමට නියමිත බවත් එම නෞකා කොළඹට පැමිණීමෙන් පසු මුදල් ගෙවිය යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.
මේ මස 17 සහ 19 අතර කාලයේ ළගාවීමට නියමිත පෙට්‍රල් නෞකාව සඳහා ඉතිරි මුදල් හෙට (12) ගෙවිය යුතු බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි තෙල් නැව් ටික බාගන්නම්. ඔයා ලොක්කත් එක්ක දැන් ගෙදර යන්න.
ඕවා ඔබම තියාගන්න...
අද ලීටර් 5 ගත්තේ 2000 ගණනේ....!
ළඟ ළඟ ගේන්න එපා ... අයියෝ හැප්පෙයි...!
නැව් එන කතාව දැන් කී සැරයක් කියන්න ඇත්ද? අනේ මන්දා කවදා එයිද කියලා... දෙයියෝ තමයි දන්නේ...
නැව් 10 ක් ආවත් පොලිසියටයි, මැරයින්ටයි දුන්නාම තෙල් ඉවරයි.
එදා ඉඳන් එනවා කියන්න විතරයි පුළුවන් වුණේ... ඔය පුටුවට ආපු දවසේ ඉඳන්...
සුරංගනා කතා ඇති.
1. අදාල ගාම නිලධාරී කොටිඨාස ය තුල වෙසෙන වැසියන් නියමිත දිනයක් හා වේලාව්ක් ලබාදී ම තුලින් තෙල් බෙදා හැරීම 2. දත්ත ගබඩා කිරීම සදහා පද්ධතියක් සැකසීම