
(යොහාන් භාසුර)
ඉන්ධන තොග නොමැතිවීමෙන් මුතුරාජවෙල පර්යන්ථය වසා දමා ඇති බවත් ඒ හේතුවෙන් ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන නොලැබීමෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්ව ඇති බවත් ඉන්ධන පිරවුම්හල් කළමනාකාරිත්වය පවසයි.
මුතුරාජවෙල පර්යන්ථයේ ඉන්ධන තොග නොමැති යැයි ඉතාමත් විශ්වාසදායක ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇති බව කී කොළඹ නගරයේ ඉන්ධන පිරවුම්හලක කළමනාකරුවකු සඳහන් කළේ එහි සේවකයන් සේවයට පැමිණ පස්වරුවේ පිටත්ව යන තත්වයක් පවතිනේ යැයි දැනගන්නට ඇති බවත්ය.
ඛනිජ තෙල් සංස්ථාව ඊයේ දිනයේ නිකුත් කිරීමට ලැයිස්තුගත කර තිබූ ඉන්ධන තොග 500 කින් අඩකටත් අඩු සංඛ්‍යාවක් නිකුත් කර ඇති බවත් කොළොන්නාව පර්යන්ථයෙන් ඉන්ධන බෙදාහැරීම ප්‍රමාද බවත් පිරවුම්හල් කළමනාකාරිත්වය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හොඳයි. හොරු ටිකත් සදහටම ගෙදර යවලා, ප්‍රයිවේට් කම්පැනි එකකට දුන්න නම් රනිල් වැඩකාරයා.