(යොහාන් භාසුර)
මෙම මස 11 වැනිදා සිට 22 වැනිදා දක්වා දින 12 කට කාලය තුළ ඉන්ධන නෞකා 5 ක් ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.
මේ මස 11 සහ 12 දෙදින පෙට්‍රල් සහ ඩීසල් නෞකා දෙකක්, 16 වැනිදා ඉන්දීය ණය ක්‍රමයේ අවසන් ඩීසල් නෞකාව, 22 වැනිදා තවත් පෙට්‍රල් නෞකාවක් සහ මේ මස 20 වැනිදාට පෙර දෙවැනි බොරතෙල් නෞකාව ද බලාපොරොත්තුවෙන් සිටින බව අමාත්‍යවරයා කීය.
දිනක ඩීසල් අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 5000 ක් වුවද පසුගිය සතියේ එය 2800 ත් 3000 ත් අතර ප්‍රමාණයකට ද, පෙට්‍රල් අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 3500 ක් වුවද දිගටම 2500 කට වැඩි ප්‍රමාණයක් නිකුත් කළ බවත් භූමිතෙල් තෝරාගත් ධීවර සහ කෘෂිකාර්මික ප්‍රදේශවලට පමණක් සැපයූ බවත් අමාත්‍යවරයා පැවැසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නෞකා ආවත් ගෙවන්න ඩොලර් නැහැනේ..